මෙවර ඔලිම්පික් නඩේට ක්‍රීඩකයෝ 8යි; නිලධාරීන් 15යි; මාධ්‍යවේදීන් 6යි

Sports

ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවන බව ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ අත්සනින් යුත් මේ නිවේදනයේ එම ඔලිම්පික් උළෙල ආවරණයට මාධ්‍යවේදීන්ද 6 දෙනෙකු යන බව දක්වා ඇති අතර මේ සියලුදෙනා හා ප්‍රභූන් වෙනුවෙන් රුපියල් මිලියන 22 ක් (ලක්ෂ 220) ක් වැය කරණ බවද දක්වා තිබේ. එම මුදල් ලබා දෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරන ජාතික ඔලිම්පික් කමිටුව ඉන් 41.4 %ක් හෙවත් රුපියල් ලක්ෂ 92 ක් තම ආයතනය මගින් ලබා දෙන බවට පවසයි. 

මේ අතර ඉතිරි 58.7 % හෙවත් රුපියල් ලක්ෂ 129 ක මුදල ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දෙන බව ද එහි සඳහන් ය. එම ලක්ෂ 129න් 43% ක ප්‍රතිශතයක් එනම් ලක්ෂ 57 ක් කොවිඩ් තත්ත්වය මත සිදුවන වියදම්, ගුවන් ප්‍රවේශපත්‍ර, නවාතැන් සහ මාධ්‍යවේදීන් 6 දෙනෙක්, ප්‍රභූන් සඳහා වූ නවාතැන් පහසුකම් වෙනුවෙන් වෙන් කර තිබේ. 

තුරග තරග සඳහා ඉදිරිපත් වන ක්‍රීඩිකාවගේ අශ්වයාගේ ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක් ද ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්ව සඳහා සහභාගී වන ක්‍රීඩිකාවගේ උපකරණ ප්‍රවාහනය සඳහා වෙන් කෙරුණු ලක්ෂ 4 ක මුදලක් ද ඊට ඇතුළත් බවද එහි දැක්වේ. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ, ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ නිලධාරීන් 58 ක් රුපියල් මිලියන 22 ක් හෙවත් ලක්ෂ 220 ක මුදලක් වැය කරමින් ක්‍රීඩා උළෙලට එක්වීමට සැලසුම් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *