ඩිල්ශාන් නායකත්වය දරන Mulgrave ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ධුරය සනත් ට

Sports

ඔස්ටේ්‍රලියාවේ වික්ටෝරියා හි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය විසින් 2021/22 කාලසීමාව සඳහා සිය ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය පත් කර තිබෙනවා.

ටෙස්ට් තරග 110 කට ක්‍රීඩා කර ඇති ඔහු ළකුණු 340 ක වැඩිම ළකුණු ප්‍රමාණයක් මෙන්ම සාමාන්‍යය ලෙස ළකුණු 40 ක් පවත්වා ගත්තෙක්.

එක්දින තරග 445 කට ජයසූරිය ක්‍රීඩා කර තිබෙනවා.

1996 දී ශ්‍රී ලංකාව ලෝක කුසලානය ජයගත් අවස්ථාවේදී තරගාවලියේ වීරයා වූයේද ඔහුයි.

සනත් ජයසූරිය සිය ක්‍රීඩා සමාජයේ සේවයට පැමිණීම සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වන බවයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය නිවේදනය කලේ.

2021/22 තරග සමය සඳහා මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා තවත් විශිෂ්ටයෙකු වන ටී එම් ඩිල්ශාන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *