නේටෝ තර්ජනයෙන් පසුවත් චීනය, තායිවාන ගුවන ආක්‍රමණය කරයි

Foreign

චීනය සිදුකරන හමුදා අත පෙවීම් සම්බන්ධයෙන් නේටෝ නායකයන් අනතුරු අඟවා පැය කිහිපයක් ගතව යෑමටත් මත්තෙන් චීන හමුදා ගුවන් යානා 28 ක් තායිවාන ගුවන් ආරක්ෂක කලාපයට ඉහළින් පියාසර කර තිබෙනවා.

තායිවාන ගුවන් ආරක්ෂක කලාපය ආක්‍රමණය කළ විශාලම ගුවන් යානා සංඛ්‍යාව මෙය වන අතර, එහි න්‍යෂ්ටික බෝම්බ හෙළිය හැකි යානාද පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තමන් ස්වාධීන රාජ්‍යයක් බවට තායිවානය ප්‍රකාශ කළත්, චීනය පවසන්නේ එය තමන්ට අයත් දූපතක් බවයි. අනෙකුත් රටවලට චීනය සිදුකරන හමුදා අතපෙවීම් සම්බන්ධයෙන් නේටෝ නායකයන් බ්‍රසල්ස් අගනුවර පැවති නේටෝ සමුළුවේදී ද සාකච්ඡාවට ගැනුනු අතර, චීනයේ එම හැසිරිම් විශාල අභියෝගයක් වී ඇති බවටයි නේටෝ නායකයන් එහිදී අනතුරු අඟවා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *