විශ්වාසභංගය ගෙන ආ යුත්තේ මහින්දට එරෙහිව ශ්‍රිලනිපය කියයි (VIDEO)

Breaking News

විශ්වාසභංග යෝජනාව ගෙන ආ යුත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට නොව මුදල් අමාත්‍යවරයාට එරෙහිව බව ශ්‍රිලනිපය අවධාරණය කරයි. ශ්‍රිලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසූවේ ඊයේ පැවැති උත්සවයකට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

තෙල්මිල වැඩිකිරීමේ තීන්දුව ගනු ලැබුවේ මුදල් අමාත්‍යාංශය බැවින් එම තීරණයට ගම්මන්පිලට කල හැකි දෙයක් නොමැති බවද ශ්‍රිලනිප මහලේකම්වරයා පවසයි. බැසිල් රාජපක්ෂ නොව කිසිවෙකුට ඉහල දැමූ තෙල්මිල වර්තමානයේ ක්ෂණිකව අඩුකල නොහැකිබව පෙන්වාදුන් ශ්‍රිලනිප මහලේකම්වරයා පොදුජන පෙරමුණ සමග රජයේ සිටින හවුල්කාර පක්ෂ ආණ්ඩුව්න් ඉවත් කිරීම සදහා කුමන්ත්‍රණයක් දියත්වන බවද අනාවරණය කලේය

වර්තමාන රජයේ මුදල් අමාත්‍යවරයා වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂවේ

https://www.facebook.com/watch/?v=523549195496657

Leave a Reply

Your email address will not be published. Required fields are marked *