“මාත් එක්ක කුමන්ත්‍රණ කරලා අහුවෙන්න එපා” -මන්ත්‍රී කණ්ඩායම හමුවේ සජිත් යකා නටලා

Gossip

කොවිඩ් ආසාදිතව සුවය ලැබීමෙන් පසුව විපක්ෂ නායක සජිත් හා සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීකණ්ඩායම අතර පලමු හමුව පසුගියදා පැවැත්විණි. ඒ විශ්වාසභංගය පිළිබඳ අවසන් තීරණය ගන්නා සාකච්ඡාවය. එම තීරණාත්මක සාකච්ඡාවට සජිත්ට අමතරව රංජිත් මද්දුමබණ්ඩාර, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, කබීර් හෂීම්, හරින් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, ඉමිතියාස් බකීර් මාකාර්, තිස්ස අත්තනායක, මනුෂ නානායක්කාර යන මන්ත්‍රිවරු සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් රැස්වීම විශ්වාසභංගය පිළිබඳව සාකච්ඡා කිරීමට කැඳවා තිබුණත් සජිත් රැස්වීම ආරම්භ කළේම තරමක දැඩි ස්වරයකින් යුක්තව වෙනත් මාතෘකාවක් පිළිබඳව අවධානය යොමු කරමිනි. ඒ, පසුගිය දින කිහිපය තුළ පක්‍ෂය ඇතුළේ සිදුවූ සිදුවීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

‘මම අසනීප වෙලා කාමරේ ඇතුළෙ අමාරුවෙන් ඉන්න කොට පක්‍ෂය ඇතුළේ මට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න එක එක්කෙනා හමුවුණු තැ, කියපු කතා, කරපු නිවේදන, දීපු ඉන්ටවීව් ඔක්කොම මම ඇතුළෙ ඉඳගෙන බලන් හිටියා. මට මේක ගැන ලොකු කනගාටුවක් තියෙන්නෙ. ඒ නිසා මමත් ඒකට ප්‍රතිචාර දක්වනවා. මොකද මම හිතන්නේ මෙච්චර පහත් තත්ත්වයකට අපේ අය පත්වෙන්න හොඳ නැහැ. දැන් අපේම සමහරු මට චෝදනාවක් එල්ල කරනවා රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රමව තියාගෙන පක්‍ෂය අරගෙන ගියා වගේ මමත් මගේ මිත්‍රයන් එක්ක පක්‍ෂය අරගෙන යනවා කියලා. හැබැයි මම එකක් කියන්නම්, මම රනිල් නෙවෙයි. මලික්ලා වගේ අයට මම මගේ ළඟ හැදෙන්න ඉඩ තියන්නෙ නෑ. එහෙම වෙනවා නම් මම වහාම ඒක නවත්වනවා. ඔය චෝදනාවලට මම බය නැහැ. ඔය චෝදනා එල්ල කරන පුද්ගලයා මගේ අතිජාත මිත්‍රයෙක්. අපේ යාළුකම අවුරුදු 25ක්, 30ක් විතර පරණයි. හැබැයි මම රනිල් වගේ මගේ මිත්‍රයාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කරන්නේ නෑ. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් එන්නෙත් නෑ. මම එයාව පක්‍ෂයේ කිසිම රැස්වීමකට අරන් එන්නෙත් නෑ. ප්‍රශ්නය තියෙන්න මගේ මිත්‍රයා එක්ක නම් මම ඒ ටික කරනවා. හැබැයි මගේ මිත්‍රත්වය මම නැති කරගන්නේ නෑ…’ යනුවෙන් තරමක් අපහසුවෙන්, කෝපයෙන් යුතුව සජිත් කතා කරද්දී මද්දුමබණ්ඩාරත්, රාජිතත් වහාම සජිත්ට කියා සිටියේ සන්සුන් වන්න යැයි කියාය. නමුත් සජිත්ව නවතාලීමට ඔවුන්ටද හැකියාවක් ලැබුණේ නැත.

‘නෑ… විශ්වාසභංගය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට මේ ටික පක්‍ෂයේ අයට කියන්න ඕනෑ. මම මෙතැනට ආවෙ සටන් කරලා. එහෙම එද්දි ඕන තරම් කුමන්ත්‍රණවලට මුහුණ දුන්නා. හැබැයි මෙතන කුමන්ත්‍රණ කරන්න ලෑස්ති වෙන්න එපා. මම ඒවට බය නෑ…’ යනුවෙන් සජිත් දැඩි ස්වරයෙන් යුතුව කියද්දී සියල්ලටම පුදුමයට පත්ව එදෙස බලා සිටිනු දැකගත හැකි විය.

මීට අමතරව චම්පික රණවක සම්බන්ධයෙන් පක්‍ෂය ඇතුළේ මතුව ඇති තත්ත්වය පිළිබඳවද සජිත් මෙහිදී පිරිස හමුවේ අදහස් පළ කළේය.

‘නෑ… විශ්වාසභංගය ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට මේ ටික පක්‍ෂයේ අයට කියන්න ඕනෑ. මම මෙතැනට ආවෙ සටන් කරලා. එහෙම එද්දි ඕන තරම් කුමන්ත්‍රණවලට මුහුණ දුන්නා. හැබැයි මෙතන කුමන්ත්‍රණ කරන්න ලෑස්ති වෙන්න එපා. මම ඒවට බය නෑ…’ යනුවෙන් සජිත් දැඩි ස්වරයෙන් යුතුව කියද්දී සියල්ලටම පුදුමයට පත්ව එදෙස බලා සිටිනු දැකගත හැකි විය.මීට අමතරව චම්පික රණවක සම්බන්ධයෙන් පක්‍ෂය ඇතුළේ මතුව ඇති තත්ත්වය පිළිබඳවද සජිත් මෙහිදී පිරිස හමුවේ අදහස් පළ කළේය.

‘දැන් චම්පිකයි, ටිරාන් අලසුයි අතර ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ දෙන්නගේ පෞද්ගලික ප්‍රශ්නයක්. මම ටිරාන් අඳුනන්නේ ගෝඨා ටිරාන්ව අඳුනන්නත් කලින් ඉඳන්. හැබැයි ටිරාන් මගේ කොච්චර පරණ යාළුවෙක් වුණත් පහුගිය ජනාධිපතිවරණයේදී එයාගෙ පත්තරවලින් මට ගැහුවා. එදායින් පස්සේ එයත් එක්ක මගේ කිසිම දේශපාලන ගනුදෙනුවක් නෑ. ඒ නිසා චම්පිකයි – ටිරාන්ගෙයි ප්‍රශ්නය ඒ දෙන්නා විසඳගන්න ඕනෑ. ඒකට මම මැදිහත් වෙන්නෙ නෑ…’ යනුවෙන් සජිත් කියා සිටියේය.

විශ්වාසභංගය පිළිබඳ සාකච්ඡා වීම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ඒ අනුව විශ්වාසභංගය රැගෙන ආ යුත්තේ ආණ්ඩුවට එරෙහිවද, එසේත් නැතිනම් ගම්මන්පිලට එරෙහිවද යන්න සම්බන්ධයෙන් එහිදී දීර්ඝව අදහස් හුවමාරු වන ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ වන විටත් සජිත් තෙල් මිල ප්‍රශ්නය මුල්කරගෙන ආණ්ඩුවටම ඉල්ලා අස්විය යුතු බවට නිවේදනයක් නිකුත් කර තිබීම නිසා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ඉදිරිපත් කළ යුතු බවටද තර්කයක් ඉදිරිපත් විය. නමුත් රනිල් පිලද එම ස්ථාවරයම ගනිමින් සජබ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුටම බලපෑම් එල්ල කර ඇති බවද එහිදී කියැවිණි. ආණ්ඩුව පැත්තෙනුත් එම පණිවුඩයම එන බවද අනාවරණය විය. ඒ අනුව තර්ක, විතර්ක මැද අවසානයේදී සජිත් කියා සිටියේ බහුතරයකගේ තීන්දුව අනුව ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංගය රැගෙන ඒම සුදුසු යැයි කියාය. ඒ අනුව විශ්වාසභංගය සකස් කිරීමේ කාර්යය, ඊට අස්සන් කිරීම සඳහා නැකැතක් බැලීම සහ පොහොට්ටුවේ සෙසු පක්‍ෂවලට ඊට සහාය දක්වන ලෙස ආරාධනා කිරීම මද්දුමබණ්ඩාරට පැවරිණ.

සජිත් සමගි ජනබලවේගයේ සෙසු පක්‍ෂ නායකයන් ඒ පිළිබඳව දැනුවත් කිරීමටත්, විපක්‍ෂයේ සෙසු පක්‍ෂ හා සාකච්ඡා කිරීමටත් බාර ගත්තේය. ඒ අනුව සජිත් පසුගිය සතියේ ජවිපෙ නායක අනුර කුමාරට, දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන්ට සහ දෙමළ සන්ධානයේ සෙසු පක්‍ෂ නායකයන්ට ඒ පිළිබඳ නිල වශයෙන් කතා කිරීමට පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *