ජෛව බුබුලෙන් පැන ක්‍රිකට් තහනම් වූ තිදෙනාගේ තහනමත් රිවස්

Sports

ක්‍රිකට් විනය කඩ කිරීමේ චෝදනාවට වරදකරුවන් වී සිටි කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් තිදෙනාට පනවා තිබූ දේශීය තරඟ තහනම ඉවත් කර ඇති බව වාර්තා වේ.

පසුගිය එංගලන්ත සංචාරය අතරතුර ඔවුන් රැඳී සිටි ජෛව ආරක්ෂක බුබුළෙන් මිදී බාහිර සමාජයට නිරාවණය වී සිටි වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ලැබීය. එහිදී ඔවුන් විනය කඩකර ඇති බවට තහවුරු වූ නිසා වැරදිකරුවන් ලෙස නම්කර, දඩ මුදලක් සහ තරග තහනමක් පැනවීමට කටයුතු කළේය.

එම තහනමට අනුව දේශීය තරඟ මාස හයකට සහ ජාත්‍යන්තර තරඟ වසරක් දක්වා ඔවුන්ට තහනම් විය. දේශීය තරග තහනම ඉවත්වීමට නියමිතව තිබුණේ මෙම වසරේ දෙසැම්බර් 28 වැනිදායි. මාස හයක කාලය අවසන් වීමට පෙර දේශීය තරග තහනම මෙලෙස ඉවත් කර ඇත්තේ ඔවුන් තිදෙනාට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගිවීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් බව පැවසේ.

ඒ අනුව ඔවුන් තිදෙනාට දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව හිමි වේ. අදාල කාලසීමාව සම්පූර්ණවීමට ප්‍රථම එම තහනම ඉවත් කිරීම හේතුවෙන් ඔවුන් තිදෙනාට LPL තරගාවලියට මෙන්ම අන්තර් සමාජ එක්දින තරගාවලියටද සහභාගිවීමේ අවස්ථාව හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *