නෝර්වේහි ඊතල ප්‍රහාරයකින් පස් දෙනෙකු මරුට

Foreign

නෝර්වේ රාජ්‍යයේ කොංග්ස්බර්ග් නගරයේ සුපිරි වෙළඳසැලක් තුළ එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 05 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයන් අතර පොලිස් නිළධාරියෙකුද සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ පස්වරුවේ සුපිරි වෙළඳසැලට ඇතුළු වූ ඩෙන්මාර්ක් ජාතිකයෙකු එහි සිටි පුද්ගලයන්ට දුනු – ඊතල භාවිතා කරමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. සැකකරු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර කෙසේ නමුත් මේ දක්වා ඔහුගේ තොරතුරු ප්‍රසිද්ධියට පත්කර නොමැත.

ප්‍රහාරයට හේතුව කුමක්දැයි මේ වනතෙක් අනාවරණය වී නොමැති අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයන්ට අමතරව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකු පොලිස් නිළධාරියෙකු බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *