දිනේෂ් ගුණවර්ධනත් ඉල්ලා අස්වීමේ පෝලිමේ

Gossip

තම අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග රාජකාරි කළ නොහැකි යැයි පවසමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කලකිරීමෙන් පසුවන බව වාර්තා වෙයි.

මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති වීම නිසා මෙම තත්ත්වය මතු වී තිබේ.

ඇතිවී තිබෙන තත්වය මත ඔහු අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට ද කල්පනා කර ඇතැයි ද ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.

අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත් කරන්නේ නම් ඒ වෙනුවට පත් කළ යුතු සුදුසු පුද්ගලයෙක් පවා අමාත්‍යවරයා දැනටමත් යෝජනා කර ඇතැයි සඳහන්ය.

මේ දිනවල විදේශ සංචාරයක නිරත වන ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා ආපසු මෙරටට පැමිණි පසු දිනේශ් ඇමතිවරයා තීන්දුවක් ගනු ඇතැයිද වැඩි දුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *