ඇමරිකානු බලපෑමට ඊශ්‍රායලය චීන රජයේ ඉස්ලාම් අන්තවාදී මර්දනය හෙලාදකී!

Foreign

මැදපෙරදිග කලාපයේ ඇමරිකානු මිලිටරි පාර්ශවය වන ඊශ්‍රායලයටද ඇමරිකානු-චීන ගැටුමෙන් මිදීයාමට නොහැකි වී ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. පසුගිය වසර 20 තුල චීනය හා ඊශ්‍රායලය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා 200 වාරයකින් ඉහල නංවා ඇති අතර මේ වන විට චීනය 2018 දී පමණක් ඩොලර් බිලියන 14 ක අදායමක් දෙරට අතර බෙදියන සේ ඊශ්‍රායලයේ තුන්වන වෙළඳ ආයෝජකයා බවට පත්වී ඇත. එසේම ඊශ්‍රායලයේ haifa වරාය ප්‍රතිසංස්කරණය චීනය භාර ගැනීම නිසා මධ්‍යධරණී මුහුදේ ඇමරිකන් යුධ නැව් පිලිබඳ ඔත්තු බැලීමට චීනයට හැකිවීම ඇමරිකාව විසින් ඊශ්‍රායලයට අනතුරු හඟවා ඇතැයි වාර්තා වේ.

නමුත් චීනය සමග සමබන්ධකම් තවත් ත්‍රීව කරමින් ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයේත් ASHDOD වරායේ නව ජැටියක් ගොඩනැගීමටද චීනයට ඊශ්‍රාලය විසින් අවසර ලබා දී ඇත. මෙම නව තත්වයත් සමගින් චීනය හා ඊශ්‍රායලය අතර වෙළඳ ආයෝජන 10% කින් ඉහල ගොස් ඇත. කොරෝනා වසංගතයත් සමග නව ආයෝජන සම්මුති ඇතිකරගැනීම ප්‍රමාද වීම වාසියට යොදාගනිමින් ඇමරිකාව ඊශ්‍රායලයට බලපෑම් කරමින් සිටින බවටද බටහිර මාධ්‍ය වාර්තා කර සිටි.

නමුත් චීනයට ඊශ්‍රායල ආර්ථිකයට ඇතුළුවීමේ දොරටුව වසා දැමීම මගින් චීනය හා ඉරානය අතර සම්බන්ධකම් වර්ධනය වීම තම රටේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්ණයක් විය හැකි බව මෙහිදී ඊශ්‍රායලයේ මතය වී ඇත. විශේෂයෙන්ම ඉරානය හා චීනය අතර වසර 25 කට බලපාන ලෙස අත්සන් කරනු ලැබූ ආරක්‍ෂක ගිවිසුම හේතුවෙන් ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ වල ස්ථාවරය වී ඇත්තේ චීනය සමග හොඳ හිත පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

මෙම වසරේ නොවැම්බර් 17 වැනිදා ඉතිහාසයේ ප්‍රථම වතාවට චීන හා ඊශ්‍රායලයේ ජනාධිපතිවරුන් අතර ඇතිවුණු දුරකථන සංවාදයේදී ඉරානයේ න්‍යෂ්ටික බලය අත්පත් කරගැනීම සමබන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් චීනයේ ස්ථාවරය වනුයේ නොවැම්බර් 29 වැනිදාට නියමිතව ඇති එජා සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය හා ඉරානය අතර සාකච්ඡා ආරම්හ වීමට පෙර සියළු ආර්ථික සම්බාධක ඉවත් කරන ලෙසයි. එසේම පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන්ද චීනයේ ස්ථාවරය වෙනස් වී නොමැත.

කෙසේ වෙතත් චීන රජය විසින් එරට XINJIANG ප්‍රාන්ත්‍රයේ වෙසෙන ouighours මුස්ලිම් ජනතාව සංහාරය කරන බවට ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් කොමිසමට 2021 ජුනි 23 වනදා ඉදිරිපත් කළ යෝජනාවට සහය දීමට ඊශ්‍රායලයට මේ අතර සිදුවනුයේ ඇමරිකාවද සතුටු කිරීමට වේ. චීනය විසින් අදාළ ප්‍රදේශයේ ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව සිදුකරන මිලිටරි ක්‍රියා මාර්ගවලට එරෙහිවීමට සිදුවීම හේතුවෙන් ඊශ්‍රාලයේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව සිදුකරන ප්‍රචාරක ජාලය ලොව පුරා උපහාසයට ලක් වී ඇත.

මෙයින් වඩාත් ජෝකර්ලා බවට පත්ව ඇත්තේ ඊශ්‍රායලය විසින් පතුරුවන ලොව පුරා ඉස්ලාම් ත්‍රස්ත විරෝධී ප්‍රචාරක ජාලය හිස මත තබා ඔසවා ගෙන යනු ලබන අන්ත ජාතිවාදී ආගමික හා දේශපාලන කණ්ඩායම් වේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව ඇතුළු විවිධ රටවල වෙසෙන මුස්ලිම් ජනතාවට එරෙහිව ගෙනගිය මෙම ප්‍රචාරක ජාලයන් තුල දක්නට ලැබුණේ පොදු අන්ත පැසිස්ට්වාදී දුෂ්ඨිවාදයක් වන අතර ඒවා අදාළ රටවල බලය ලබා ගැනීම සඳහා හා බටහිර ගැති දූෂිත ක්‍රමවේදයන් ආරක්ෂා කිරීම ඉලක්ක කල සියුම් වැඩපිළිවෙලවල් බව දැන් දැන් හෙලි වෙමින් පවතින බව දේශපාලන නිරීක්ෂකයෝ මේ අතර පෙන්වා දෙති. මෙම ජාතිවාදී ප්‍රචාරක ජාලා ප්‍රතික්‍ෂේප කර ආගමික, ජාතිය, වර්ගය අනුව බෙදීයාම වෙනුවට යුක්තිය හා සමාජ සාධාරණත්වය සඳහා පොදු සටනක අවශ්‍යතාවය ලොව පුරා වර්ධනය වීම සුභවාදී ප්‍රවණතාවයක් බව ඔවුන් තවදුරටත් පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *