ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහනධීරටත් බාල්දියක් පෙරලේ

Gossip

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරණ නීතීඥ හරිගුප්තා රෝහනධීර තම ධූරයේ බලය යොදා ගනිමින් තමන් නීතීඥයකු ලෙස පෙනී සිටි, තමන්ට හිතවත් ව්‍යාපාරිකයින් හා සේවාදායකයින්ගේ නඩු ඉල්ලා අස්කර ගැනීමට ක්‍රියාකරමින් සිටින බව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අනාවරණය කරයි. ඔහුට මේ සදහා නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රබලයෙකුගේ සහාය හිමිව ඇතැයිද ලංකා ඊ නිවුස් වැඩිදුරටත් චෝදනා කරයි.

මෙසේ ඉල්ලා අස්කර ගැනීමට යන එක් නඩුවක් නම් පොලිසියේ මූල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (FCID) විසින් පිරිමීඩ් ජාවාරම හා සම්බන්ධ Globle Life Style නම් ආයතනයට එරෙහිව පවරා ඇති නඩුවත් අයත්වන බව එම වෙබ් අඩවිය සදහන් කරයි. මෙකී ව්‍යාපාරයේ අයිතිකරුවන් වන විල්වරාජන් සහ රාෂන් ආනන්ද ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරල් වරයාගේ සමීපතයින් බවට චෝදනා කරන ලංකා ඊ නිවුස් ඔවුන් දෙදෙනා මෑතකදකදී පුත්තලම ප්‍රදේශයේ ජනතාව අතර තම පිරමීඩ ව්‍යාපාරය ව්‍යාප්ත කර විශාල මූල්‍ය වංචාවක් කර ඇති බවද මෙම ලිපියේ අනාවරණය කොට ඇත.

ලංකා ඊ නිවුස් පලවූ සම්පූර්ණ ලිපිය පහලින්

https://len-official.blogspot.com/2021/11/blog-post_73.html?view=magazine&fbclid=IwAR0U3rh6zWnQSfAAiD9pwhRtLTKH9l4646tkcHACFGZItt-Q4wcOmuD3kLA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *