චීනය, ලිතුවේනියාව සමග රාජතාන්ත්‍රික සමබන්ධකම් අත්හරී!

Foreign

තායිවානය සම්බන්ධයෙන් චීනය හා ඇමරිකාව අතර ගැටුම දිනෙන් දින උග්‍ර වෙමින් පවතින තත්වයක් තුළ පැරණි සෝවියට් කඳවුරේ රටක් වන ලිතුවේනියාව විසින් තායිවාන තානාපති කාර්යාලයක් එරට පිහිටුවීමට අවසර දීම නිසා චීනය උරණ වී ඇතැයි වාර්තා වේ. ලෝකයේ රටවල් 15ක් පමණක් තායිවානය ස්වාධීන රටක් ලෙස පිලිගෙන ඇති අතර ලිතුවේනියාවේ මෙම තීරණය “එක් චීන රටක්” නමැති සංකල්පය හා චීනයේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝණය කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ඉරිදා දිනයේ චීන යුධ යානා නමයක් තායිවාන දේශ සීමාව උල්ලංඝණය කල බව තායිවාන ආරක්ෂක ඇමතිවරයා මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියේය. පසුගිය මාසයේ ඇමරිකාව විසින් තායිවානය තුළ ඇමරිකානු විශේෂ හමුදා සෙබළුන් 20දෙනෙකු රඳවා ඇතිබවත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක යුධමය සහයක් ලබා දීමට සුදානම් බවත් පවසනු ලැබිණි.

කෙසේවෙතත් ගිය සතියේ අඟහරුවාදා ක්ෂිං ජින්පින් හා ජෝ බයිඩන් අතර පැය තුනක දුරකථන සාකච්චාවේදී චීන ජනාධිපතිවරයා “ගින්දර සමග සෙල්ලම් නොකරන” ලෙස ජෝ බයිඩන්ට අවවාද කර ඇතැයි බටහිර පුවත්පත් වාර්තා කර සිටියේය. පිළිතුරු වශයෙන් ජෝ බයිඩන් තහවුරු කර ඇත්තේ තමන් “තනි චීන සංකල්පය” පිළිගන්නා බවත් තායිවානය නිදහස් රටක් ලෙස පිළිගැනීමට කිසිදා එකඟ නොවන බවත්ය.

මෙම සාකච්චාව අවසාන වීමටත් පෙර ලිතුවේනියාව විසින් තායිවානයට තාවකාලික තානාපති කාර්යාලයක් (de facto) ලබා දීම හේතුවෙන් චීනය ඒ පිළිබඳව තම විරෝධය පල කරමින් එරටට අනතුරු හඟවා ඇත. ලිතුවේනියාවේ මෙම තීරණයට ඇමරිකාව සහය පලකලේ ඩොලර් මිලියන 600ක් ණයක් ලිතුවේනියාවට ප්‍රධානය කරමිනි. ලිතුවේනියාවේ මෙම තීරණය පිළිබඳව අදහස් පල කරමින් යුරෝපා සංගමය ප්‍රකාශ කරනු ලැබුවේ ලිතුවේනියාව යුරෝපා සංගමයේ සාමාජික රටක් වුවත් “තනි චීන රටක්” නැමැති සංකල්පයේ වෙනසක් සිදු කිරීමට තමන් අපේක්‍ෂා නොකරන බවත් මෙය ලිතුවේනියාව හා චීනය අතර ද්විපාර්ශ්වික ගැටුමක් ලෙස පමණක් අර්ථකථනය කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *