පොහොර ආනයනය පෞද්ගලික අංශයටදී කොමිස් ගහන්නයි හදන්නේ

Political

ජනාධිපතිවරයා පෞද්ගලික අංශයට පොහොර ආනයනයට ඉඩ දීමෙන් සිදුවූයේ පනින රිළවුන්ට ඉණිමං බැඳීමක් යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික නාමල් කරුණාරත්න පැවැසීය.

ආණ්ඩුව මේ වනවිට යූරියා පොහොර මිටිය රුපියල් 6,500ට අලෙවි කරන බවට ඒ මහතා හෙළිදරව් කළේය.

මෙසේ පෞද්ගලික අංශයට පොහොර ගෙන්වීමට ඉඩ සැලැස්වීමෙන් ලක්පොහොර හා කොමර්ෂල් යන රජයේ පොහොර ආයතන අකර්මණ්‍ය වන අතර පෞද්ගලික අංශයට එමඟින් වාසි සලසා ගැනීමට ඉඩදී කොමිස් කුට්ටි කඩාගැනීමට ඉඩ විවර කරගන්නා බවටද කරුණාරත්න මහතා චෝදනා කළේය. 

එමෙන්ම කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද  අලුත්ගමගේ පවසන පරිදි එළවළු හිඟයක් ඇති වූයේ පොහොර අර්බුදයෙන් මිසක වර්ෂාපතනය හරහා සිදු වූ හානියෙන් නොවන බවද ඒ මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම රටේ නිරිත දිග, ඊසාන දිග, වාසුළි  හා සංවහන යනුවෙන් වැසි වර්ග හතරක් තිබෙන අතර නිරිත දිග වර්ෂාව එක දිගට පවතින බවත් මේ නිරිත දිග මෝසම ගැන නොදන්නා ආණ්ඩුව එළවළු හිඟය  ගැන මෙවැනි තර්ක නැඟීම විහිළු සහගත බවත් ඔහු පවසයි.

එම නිසා වර්ෂාව එළවළු හිඟයට වගඋත්තරකරු නොවන බවත් එළවළු හිඟයට ප්‍රධාන කාරණා හතරක් බලපාන අතර එකක් ශාකවලට නිසි පොහොර නොලැබී යෑමයි. අනිත් කාරණය වල් පැළෑටි මර්දනයට ආණ්ඩුව ක්‍රියාත්මක නොවීමයි. පළිබෝධ මර්දනයට  ක්‍රියාත්මක නොවීම හා වගාවෙන් ගොවියා අෑත්වීම යන මේ කාරණා හතර බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *