විශ්‍රාම වයසත් රිවස් වෙන ලකුණු

Political

වත්මන් ආණ්ඩුව පසුගියදා සම්මත කර ගත් ව්ශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65 කිරීමේ තීරණය 63 දක්වා ආපස් හැරවීමට කටයුතුකරගෙන යන බවද අද පාර්ලිමේන්තුවේදී කියැවිණි.

ඒ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් විසින් නගනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරතුරදීය.

වයස අවුරුදු 55 පිරුණු කැමති ඕනෑම රාජ්‍ය සේවකයකුට අවශ්‍යනම් ලබන ජනවාරි 01වැනිදා සිට විශ්‍රාම යා හැකි බවද ඇමතිවරයා එහිදී පවසා ඇත.

ලබන මස විශ්‍රාම යෑමට නියමිතව සිටි රජයේ සේවකයන් විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා වැඩිකිරීමට ගත් තීරණය හේතුවෙන් යම් කුතුහලයකින් පසුවන හෙයින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නැයි ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් මෙහිදී ඉල්ලීමක් කළේය.

රජයේ සේවකයන් විශ්‍රාම යා හැකි උපරිම වයස 65දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතත් එය 63 දක්වා අඩු කිරීමට කටයුතු කරගෙන යන බවට ආරංචි ලැබී ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *