නැනෝ යූරියාවලින් කප්පම් ගන්න කැබිනට් මණ්ඩලයම හවුල්ද ?

Local

නැනෝ යූරියා ගෙනඒමේදී අධික මිලකට මුලින් එකඟ වූ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කැබිනට් තීරණ දැනුම්දීමේ මධ්‍ය හමුවේදී පිළිගත් අතර පසුව එම මිල ගණන් අඩුකරගැනීමට හැකිවූ බව ප්‍රකාශ කළේය.

ඇමතිවරයා එසේ ප්‍රකාශ කළද නැනෝ යූරියා මිලිලීටර් 500 ඩොලර් 12.55 සිට ඩොලර් 12.45 දක්වා පහත දමා ඇති බව කැබිනට් සංදේශවලින් හෙළි වී තිබේ. ප්‍රසම්පාදන කමිටුව මුලින් ඉදිරිපත් කළ ඩොලර් 12.55ක මිලට තිබූ අතර සාකච්චා මගින් එම මිල ඩොලර් 12.45 දක්වා අඩුකර ඇත.

මෙම දියර පොහොර ආනයනය සඳහා පසුගිය ඔක්තෝබර් 18 වෙනි දින කැබිනට් මණ්ඩලයට අදාල යෝජනාව ඉදිරිපත් කර 19 වෙනි දින එය අනුමතකර තිබිණි. කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් පසුව ඉතාමත් සුළු මුදලක් අඩු කර ඇති බව අදාල නිල ලේකණවලින් තහවුරු වී තිබේ. එහෙත් මෙම දියර පොහොර ඉන්දියානු වෙළඳපොලේ ලීටරයක් ඩොලර් 3.22කට මිල කර තිබෙන බව අදාළ සමාගමේ වෙබ් අඩවිය උපුටා දක්වමින් ජනතා විමුක්ති පෙරමුණෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවකදී හෙළිකර තිබිණි.

මේ අනුව මිලි ලීටර් 500 ඩොලර් 12.45කට මිලදී ගත්තද අති විශාල වංචාවක් සිදුවී තිබෙන බව තහවුරු වේ. මෙම ගනුදෙනුවට කැබිනට් මණ්ඩල අනුමැතිය පවා ලබාගෙන ඇති බව හෙළි වීමෙන් වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරු සාමූහික අවබෝදයකින් වංචා දූෂණවලට ඉඩ ලබාදී ඇති බව සනාත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *