සඳහිරු සෑයෙන් කොවිඩ් පොකුරක් !

Breaking News

ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් සහ දිස්ත්‍රික් ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා යුද හමුදාව මෙන්ම මහජනතාව විශාල පිරිසක් සහභාගී කරවාගෙන පසුගිය 18 වෙනි දින සඳහිරු සෑය විවෘත කිරීමෙන් පසුව අනුරාධපුර ආශ්‍රිතව කොවිඩ් – 19 වෛරසය වේගයෙන් ව්‍යාප්තවන බවට තොරතුරු වාර්තා වේ.

මෙම අවස්ථාවට සහභාගී වූ හමුදා සෙබළුන් විශාල පිරිසක් සහ දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක්ම මේ වනවිට කොවිඩ් ආසාදිතයන් වී ඇති බව හෙළි වේ. මේ වනවිට කොවිඩ් ආසාදනයට ලක්වී සිටින ඇමති ගාමිණී ලොකුගේට වෛරසය ආසාදනය වී ඇත්තේද මෙම අවස්ථාවට සහභාගීවීමෙන් බව වාර්තා වේ. ඊට අමතර ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරයෙකු වන සමන් හේරත්ද අසාදිතයෙකු වී සිටී.

රජයේ වාහන සිය ගණනක් මෙන්ම ගුවන් හමුදා හෙළිකොප්ටර් 04කට වැඩි ප්‍රමාණයක් මෙම උත්සවයේ විවිධ කටයුතු සඳහා යොදා තිබිණි. එය විවෘත කිරීමෙන් පසුව අනුරාධපුර ජනාධිපති මන්ධිරයේදී සියලුම දිස්ත්‍රික් ලේකම්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සහභාගී කරගත් රැස්වීමක්ද ජනාධිපතිගේ සහ අගමැතිගේ මූලිකත්වයෙන් පවත්වා තිබේ. මෙම ජනාධිපති මන්දිරයේ මෙතරම් විශාල පිරිසක් සහභාගී කරගෙන නිල රැස්වීමක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වේ.

ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව අතරද කොවිඩ් පැතිරීම 50%කින් පමණ වර්ධනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වෙත වාර්තා වී තිබුණද එම තොරතුරු හෙළි කර නොමැති බව අනාවරණය වේ.

Lankatruth

Leave a Reply

Your email address will not be published. Required fields are marked *