මහින්දානන්ගේ තවත් බොරුවක් අතේ මාට්ටු…

Breaking News

කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ආනයනය ඇතුළු කටයුතු සිදු කරන්නේ රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අනාවරණය වේ.

ඔහු මෙම ප්‍රකාශය කරන ලද්දේ ඊයේ (24) කැබිනට් තීන්දු ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවේදීය. එහෙත් නැනෝ යූරියා ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 15 වෙනි දින ඉදිරිපත් කර තිබෙන කැබිනට් සංදේශයට අත්සන් කර තිබෙන්නේ ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසිනි.

එම ගනුදෙනුවේදී නැනෝ යූරියා මිලලීටර් 500 වෙනුවෙන් ඩොලර් 12.45 දක්වා ඉන්දීය වෙළඳපොළේ පවතින මිල මෙන් සිව් ගුණයකට ආසන්න වැඩි මුදලක් ගෙවා තිබේ. මේ සම්බන්ධයෙන් බරපතල විවේචනයක් රට තුළ ගොඩනැගුණු අතර ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් වගඋත්තර බැඳීමටත් සිදුවී ඇත.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා පොහොර ආනයනය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය කරන ලද්දේ එසේ වගඋත්තර බැඳීමේ එක් පියවරක් ලෙසය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *