චීනයේ සිට දුම්රියෙන් ලාඕසයට යමු

Foreign

චීන-ලාඕස දුම්රිය අන්‍යොන්‍ය සම්බන්ධතාවයේ මාවත මෙන්ම, මිත්‍රත්වයේ මාවතද වන බවත්, ව්‍යාපෘති සහයෝගීතාවය ඒකාබද්ධ අනාගතයක් පිළිබඳ චීන-ලාඕස ප්‍රජාවේ ආත්මය මූර්තිමත් කරන්නක් බවත් ලාඕසයේ චීන තානාපති ජියැන්ග් සයිඩොං පවසයි.

චීන-ලාඕස දුම්රිය මාර්ගයේ ලක්ෂණ සහ ආශ්වාදයන් ගැන සඳහන් කරමින්, තානාපති ජියැන්ග් මෑතදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ, එය ඉහළ නායකත්වයේ මඟපෙන්වීම යටතේ දෙපාර්ශ්වය අවංකව සහයෝගයෙන් කටයුතු කරන සහ විශිෂ්ටත්වය හඹා යන ව්‍යාපෘතියක් මෙන්ම, දෙපාර්ශ්වයම ශක්තිමත් කරන, අන්‍යොන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතා ව්‍යාපෘතියක් බවයි.

දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2016 දෙසැම්බර් මාසයේදී ආරම්භ වූ අතර, එය 2021 දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

කිලෝමීටර් 1,013ක දුම්රිය මාර්ගය කොටස් දෙකකින් සමන්විත වේ. එහිදී දුම්රිය මාර්ගයේ එක් කොටසක් චීන භූමියේත්, අනෙක් කොටස ලාඕසයේත් විහිදෙයි. ලාඕසයේ කිලෝමීටර් 414ක් දිවෙන දුම්රිය මාර්ගය, රටේ උතුරු කොටසේ බොටෙන් දේශසීමා ගේට්ටුවේ සිට ලාඕස් ජාතික අගනුවර වන වියන්ටියන් දක්වා ගමන් කරයි. මෙම දුම්රිය මාරගයේ ධාවනය වන දුම්රිය පැයට කිලෝමීටර 160ක වේගයකින් ගමන් කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *