ඩොලර් නැතිව රැපියල් වලට තෙල් දෙන්න ඉරානය සූදානම් , කොමිස් නැති නිසා බලධාරියෝ මර නින්දේ

Breaking News

වසර හතලිස් ගානක් තිස්සේ ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයූ ඉරානය පවත්නා ආර්ථික අර්බුදය සඳහා යම් සහනයක් වීමේ අරමුනින් ලංකාවට සහණදායි ක්‍රමවේදයක් ඔස්සේ තෙල් සැපයිමට කැමැත්ත ප්‍රකාශ කොට ඇත.

මේ යටතේ තෙල් සදහා ගෙවන මුදලින් 25% ක් රුපියල් මුදල් ඒකකය යටතේ හා ඉතිරිය පොලී රහිතව මාස 6 කට පසුව ඩොලර් වලින් ලබාගැනීමට එකඟ වී තිබේ..

ලෝක වෙලද පලේ මිලටත් අඩුවෙන් සැපයීමට ඉරානය කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් තානාපති ආරංචිමාර්ග වලින් කියැවේ.

ඉරානය සහනයක් ලෙස අඩු මිලට හා ණය කාලයක් සහිතව ලබාදීමට කැමැති වූවද මේ සඳහා සුභවාදී ප්‍රතිචාරයක් තවමත් රජයෙන් ලැබී නොමැත. පසුගියදා බලශක්ති ඇමතිවරයා ඉරානයේ සංචාරය කලද මේ සඳහා ලංකා රජයේ අවධානය යොමු නොවීම විමතියට කරුණකි.

සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීම පිලිබඳව තමන් මහත් සේ සංවේගයට පත්වු බව ඉරාන බලධාරීන් වැඩිදුරටත් දන්වා ඇතැයි වැඩිදුරටත් පකාශ කොට ඇත.සපුගස්කන්ද පිරිපහදුව තාක්ශණිකව ඉදිකොට ඇත්තේ ඉරාන ලයිට් බොරතෙල් සඳහා වීම විදේශත්වයකි , වර්ශ 2012 දී ඇමරිකාව ඉරානය වෙත සම්භාධක පනවනතුරු මාස 8ක ණය සහණයක් සහිතව තෙල් සැපයූවේ ඉරානයයි.

No description available.
No description available.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *