රඹුක්කන පොහොට්ටු මන්ත්‍රි නීතිවිරෝධී කොට අදිද්දී මාට්ටු

Local

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මහෝගනී දැව ජාවාරමක නිරතවීම හේතුවෙන් රඹුක්කන ප්‍රාදේශීය සභාවේ හිරිවඩුන්න කලාපය නියෝජනය කරන පොදූජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන නලීන් බුද්ධික ජයසූරිය කැගල්ල කලුගල්ල මාවතේදි නාරම්බැද්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගූවට ගෙන තිබිණි.

ඔහුටම අයත් ලොරියක මෙම කොට තොගය ප්‍රවාහනය කර ඇති අතර එම ලොරිය පදවා ගෙන ගොස් ඇත්තේද ඔහු විසිණි.

සැකකාර මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසූ පොලිස් ඇපමත මුදාහැර ඇති අතර ලබන 08 වැනි දා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *