දිල්ෂිගෙන් මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාවක්‌

Sports

කාන්තා මීටර් 800 ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා වර්තාවක් පිහිටුවීමට දිල්ෂි කුමාරසිංහ ක‍්‍රීඩිකාව ඊයේ (09 වැනිදා) සමත් වූවාය.

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ නිමාවට පත්වූ ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේදී මීටර් 800 ඉසව්ව 2.02.52 කින් නිම කරමින් දිල්ෂි එම වාර්තාවට හිමිකම් කීවාය. මෙවර ජාතික මලල ක‍්‍රීඩා තේරීම් තරගාවලියේදී වාර්තා වූ ප‍්‍රථම සහ එකම ශ‍්‍රී ලංකා වාර්තාව එය වූ අතර පෙරේදා පැවැති මීටර් 400 තරගයෙන් ද දිල්ෂි ප‍්‍රථම ස්ථානයට පත්වූවාය.

 මීටර් 400 සහ මීටර් 800 තරගවලට එක ලෙස හපන්කම් පෙන්වන දිල්ෂි කුමාරසිංහ 2019 වසරේ පැවති දකුණු ආසියානු තරගාවලියේදී එම තරග දෙකෙන්ම ප‍්‍රථම ස්ථාන ජයග‍්‍රහණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *