සෙන්ට් වින්සන්ට් දූපතෙහි වූ ලා සුෆ්රියර් විදාරණය වෙයි

Foreign

කැරිබියානු දූපතක් වන ශාන්ත වින්සන්ට් හි ලා සුෆ්රියර් ගිනි කන්ද ඊයේ (09දා) දෙවැනි වරටත් පුපුරා ගිය බව එරට ජාතික හදිසි කළමනාකරණ සංවිධානය පවසයි.

දෙවැනි පුපුරා යෑම පළමු වැනි පුපුරා යෑමට වඩා කුඩා වූ බවද එම සංවිධානය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියයි.

“තවත් පිපිරීමක් නිරීක්ෂණය වුණා. සිරස් අළු තීරුව දළ වශයෙන් කිලෝමීටර 4 ක් (සැතපුම් 2.5 ක්) වායුගෝලයට ගොස් ඇති බවට ගණන් බලා තිබෙනවා. අපි දිගටම අධීක්ෂණය හා යාවත්කාලීන කිරීම සිදු කරමින් සිටිනවා” යැයි පළාත් පාලන ආයතන සමග කටයුතු කරන භූ කම්පන පර්යේෂණ මධ්‍යස්ථානයද සඳහන් කරයි.

ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් රතු කුරුස සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩෝරා ජේම්ස් පැවසුවේ දෙවැනි පිපිරීම අඛණ්ඩව සිදුවන බවයි. කෙසේ වෙතත් මේ දක්වා තුවාල හෝ දේපළ හානි සිදුවී ඇති බවට වාර්තා වී නොමැති බවද සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *