ඇමරිකාවෙන් රුසියාවට සම්බාධක

Foreign

ජනාධිපති ජෝ බයිඞ්න් විසින් රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබේ.

ඇමරිකාව තුළ ඔත්තු බැලීම, සයිබර් ප‍්‍රහාර සැලසුම් කිරීම සහ 2020 ජනාධිපතිවරණය සදහා බලපෑම් සිදු කිරීම, සම්බාධක පැනවීමට හේතුව බව වාර්තා වේ.

රුසියාව මෙම සියළු චෝදනා ප‍්‍රතික්ෂේප කරයි.

කෙසේ වෙතත්, ඇමරිකාව තුළ රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීෙ ම් කාර්යයෙහි නිරත වූ බවට චෝදනා එල්ල වී තිබෙන රුසියානු රාජ තාන්ත‍්‍රිකයන් 10 දෙනෙකු ඇමරිකානු රජය විසින් නැවත රුසියාව බලා පිටුවහල් කර තිබේ.

එමෙන්ම, ඇමරිකාව තුළ කි‍්‍රයාත්මක වන රුසියානු ආයතන 32 ක කි‍්‍රයාකාරීත්වයද ඇමරිකාව විසින් අත්හිටුවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *