පිලිප් කුමරු අද අවසන් ගමනේ

Foreign

බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාදවරයා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ අවමංගල්‍ය කටයුතු අද (17දා) පස්වරුවේ රාජකීය ගෞරව සහිතව සිදුවන අතර, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මෙම අවස්ථාව සජීවීව නරඹනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

බකිංහැම් මාලිගයේ නිවේදනයට අනුව ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පිලිප් කුමරු වෙනුවෙන් වූ ගෞරව කිරීමේ දේව මෙහෙය පැවැත්වෙයි. මෙහිදී කුමරු වෙනුවෙන් රටම විනාඩියක නිහඬතාවක්ද පවත්වනු ඇත. මෙම අවස්ථාවට රාජකීය පවුලේ සමීපතම සාමාජිකයන් ඇතුළු 30 දෙනෙකු පමණක් සහභාගී වන්නේ පවතින කොරෝනා වසංගත නීතිරීතිවලට අනුකූල වෙමිනි.

කුමරුගේ දේහය රැගත් විශේෂයෙන් සකස් කළ ලෑන්ඩ්රෝවර් රථය සහිත අවමංගල්‍ය පෙරහර බ්‍රිතාන්‍ය හමුදාවේ පැරණිතම රෙජිමේන්තුවලින් එකක් වන ග්‍රෙනේඩියර් ආරක්ෂක භට කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබේ. මෙම පෙරහරට චාල්ස්, විලියම් ඇතුළු රාජකීය පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුද එකතු වනු ඇත.

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වන පිලිප් කුමරු වයස අවුරුදු 99 දී සිය ජීවිතයට සමුදුන්නේ පසුගිය සතියේ සිකුරාදාය. දීර්ඝ කාලයක් සේවය කළ බ්‍රිතාන්‍යයේ රාජකීය ස්වාමියා ලෙසද කුමරු ඉතිහාසගත වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *