අබලන් ලංගම බස් රථ 273ක් නැවත ධාවනයට යොදවයි…

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය. දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ. ප්‍රවාහන නියාමන, බස්රථ […]

Continue Reading

කොවිඩ් මෘතදේහ භූමිදානයට ඉඩදිය යුතුයි-හිටපු ජනපති

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුස්ලිම් වරුන්ගේ කොවිඩ් මෘතදේහ භූමිදානය සදහා ඉඩ ලබාදිය යුතු බව පවසයි.The Hindu පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති වරයා විසින් මේ බව පවසා තිබේ. “අනිවාර්යෙන් ම කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතුයි යන ගැටලුව ගමු. එම රෝගයට ගොදුරුව මියයන තම ඥාතීන් ව භූමදාන කිරීමේ අයිතිය මුස්ලිම්වරුන්ට දිය යුතුයි. […]

Continue Reading

NB-9268 පොලොන්නරුව මාතර බස් රථයේ ගමන්ගත් මගීන් වහාම ස්වයං නිරෝධායනය වන්න- අජිත් රෝහණ

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවියන් පස්දෙනා අද (31) උදෑසන පොළොන්නරුවෙන් ගමන් ආරම්භ කළ NB 9268 බස්රථයෙන් ගමන් කර ඇති බව අනාවරණය වී තිබේ. එබැවින් එම බස් රථයේ ගමන්ගත් මගීන් සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එම බස්රථය අද උදැසන 5.45ට පොළොන්නරුවෙන් […]

Continue Reading

තව්හිත් ජමාද් උද්ඝෝෂණයට උලමා විරෝධය පායි…

කොවිඩ් අසාධිත මුස්ලිම්වරුන්ගේ දේහ  ආදාහනය කිරීමට එරෙහිව තව්හිද් ජමාත්  සංවිධානය විසින් අද පැවැත්වූ විරෝධතාවකට සහාය ලබා  දීම ශ්‍රී ලංකාවේ මුස්ලිම් සංවිධාන විසින් ප්‍රතික්ෂේප කර තිබේ. තව්හිද්  ජමාත් සංවිධානය විසින් සංවිධානය කරන ලද කොළඹ අද පැවති උද්ඝෝෂණයට සහයෝගය නොදක්වන ලෙස සමස්ත ලංකා ජමෙයිතුල්   උලමා (ACJU) සහ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ඇතුළු ප්‍රධාන මුස්ලිම් සංවිධාන මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා […]

Continue Reading

මෘත දේහ කමිටුවේ සභාපතිට ඇමති සබ්රි තග දායි

කොරෝනා ආසාදිත මළසිරුරු ගැන ගතයුතු තීරණය පිළිබඳව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා විසින් අනවශ්‍ය ලෙස මැදිහත් වන්නේ යයි චෝදනා එල්ලවෙයි. ශ්‍රී ලංකා අධිකරණ ව්‍යාධි විද්‍යා විද්‍යාලය විසින් බව මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර ඇත. අධිකරණ අමාත්‍යවරයා කමිටුවේ සභාපතිවරයා කෙරෙහි මෑතකදී තර්ජනාත්මකව කටයුතු කිරීම දැඩි ලෙස හෙළා දකින බවද නිවේදනයේ දැක්වේ. අදාළ නිවේදනය මෙසේය.

Continue Reading

සියලුම අමාත්‍යංශ වලට අතිරේක ලේකම් ලෙස හමුදා නිලධාරියෙක්!

සෑම  අමාත්‍යංශයක් තුළම අතිරේක ලේකම් (සංවර්ධන) නමින් අලුතින් තනතුරක් ස්ථාපිතකර ඒ සඳහාවිශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඇතැම් අමාත්‍යංශ හරහා සිදුකිරීමට අපේක්ෂා කළ සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂම හා පලදායි ලෙස ක්‍රියාත්මක නොවීම මෙවැනි තීරණයක් ගැනීමට හේතුව බව පැවසේ. ඒ අනුව මිට අදාල කැබිනට් සන්දේශයක් ඉදිරියේදී යොමු කිරීමට නියමිත බවත් ඉහත […]

Continue Reading

පොලිස් නිළධාරියෙක් මහව නගරයේදී පිහි ඇනුම් කයි…

මහව නගරයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට පිහියෙන් ඇණිම හේතුවෙන් බරපතල තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. මේ වන විට එම පොලිස් නිලධාරියා ශල්‍යකර්මයකට භාජනය කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඊයේ රාත්‍රියේදී මහව නගරයේ මුර සංචාරයේ යෙදි සිටියදී […]

Continue Reading

කොරෝනා ආසාදිතයන් 05ක් රෝහලෙන් පැන යයි, ඔවුන් බන්ධනාගාර රැදවියන්

කොරෝනා ආසාදිතයන් පස් දෙනකු පොලොන්නරුව ගල්ඇල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් තිබේ. අද පෙරවරුවේ මෙසේ පැන ගොස් ඇති පස් දෙනා බන්ධනාගාර රැදවියන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කරයි. ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත.

Continue Reading

අධිකරණ ඇමතිට අධිකරණ වෛද්‍යවරුන්ගෙන් ටොක්කක්…

අපරාධ නීතියේ කොටසක් වන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය සහ විරෝධය දැක්වීමේ යෝජනාවක් ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරුන් විසින් කොළඹදී පැවති විශේෂ රැස්වීමකදී සම්මත කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස්ගේ අත්සනින් යුතුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ. […]

Continue Reading

රටේ සෞඛ්‍ය කොට්ඨාස 354න් 240කම කොවිඩ්

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 354 අතුරින් 240කම කොවිඩ් ව්‍යාප්තිය අතින් ඉහළ අවදානම් තත්ත්වයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඔවුන් එළිදක්වන ලද නවතම සිතියමකින් ඒ බව පෙන්වාදී ඇත. මේ අනුව සමස්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස අතුරින් සියයට 67ක්ම ඉහළ අවදානම් තත්ත්වයක පවතී. ඉකුත් 11 වැනිදා සිට 25 වැනිදා දක්වා වූ දින […]

Continue Reading