එන්නත විදගත් අයගෙන්ද 20%කට කොරෝනා හැදෙන්න පුළුවන්- GMOA

කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් සියයට සීයක් තොරතුරු නොදන්න බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ තවමත් එම එන්නතේ සමහර අදියරයන්වල පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන බවයි. එන්නත පළවෙනි මහතාව එන්නත් කර සැනින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් නොලැබෙන බවත් ඉන් සති හතරකට පසු දෙවන මාත‍්‍රාවත […]

Continue Reading

බෝන් එගේන් චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිතුරු දෙයි…

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, […]

Continue Reading

ඉදිරි සතියේදී කසකස්තානයෙන් සහ රුසියාවෙන් සංචාරක බුබුලු…

කසකස්තානයේ සහ රුසියාවේ සිට සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසීය. සංචාරක ප්‍රවර්ධකයෙකු වන උදයංග වීරතුංග පැවසුවේ ලබන මස මුලදී කසකස්තානයේ සිට ශ්‍රී ලංකාවට මොවුන් පැමිණිමට  නියමිත බවයි. එසේම විශේෂ  ගුවන් යානයකින් රුසියාවෙන් ද සංචාරකයින් පැමිණීමට නියමිත බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, උදයංග වීරතුංග මහතා  කියා සිටියේ සංචාරකයින් සඳහා සිදුකරන […]

Continue Reading

නිදහසින් පසු භාණ්‌ඩ 20 ක මිල අඩුවෙයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් නිදහස් දිනට පසු දින සිට එනම් පෙබරවාරි මස 05 වැනිදා සිට සහන මිල ගණන් යටතේ ලබාගැනීමට පාරිභෝගිකයිනට අවස්ථාව උදාකරන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. දිවයිනපුරා පිහිටි සතොස හා සමුපකාර වෙළෙඳසල් මගින් මෙම භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව පෙබරවාරි 05 වැනිදා සිට කැකුළු, සම්බා, කීරි සම්බා, නාඩු සහල් වර්ග, රතු පරිප්පු, […]

Continue Reading

වියට්නාමය ඇස්ට්‍රාසෙනෙකා එන්නත හදිසි භාවිතයට ගනී

දේශීය හදිසි භාවිතය සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත වියට්නාමයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමත කර තිබේ. ලෝකයේ කොවිඩ්-19 ආසාදනය පාලනය කළ ලොව හොඳම රටවල් අතර දෙවැනි තැනට ගැනෙන වියට්නාමය තුළ පසුගියදා යළි වෛරසය හිස එසවීමක් වාර්තා විය. මුල සිටම දැඩි වසංගත පාලන නිතීරීති සමග බැඳී සිටීම වසංගතය මේ ආකාරයෙන් රට තුළ පාලනය කරගැනීමට වියට්නාමයට හේතු විය. කෙසේ වෙතත් මෙම […]

Continue Reading

රුසියානු කොවිඩ් එන්නත ලංකාවේ නිපදවීමට සැලසුම්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනය ලබා දෙන කොවිඩ් එන්නතේ පළමු ප්‍රදානය පෙබරවාරි මස මැද භාගයේ දී ශ්‍රී ලංකාවට ලැබෙන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි. එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ සැලසුම සලකා බලා එම සංවිධානය මෙම තීරණයට එළැඹ ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට […]

Continue Reading

ප්‍රදේශ කිහිපයකට අද වැසි

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් අද දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේත් පොළොන්නරුව, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50කට වඩා තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්වලත් පස්වරු 1න් […]

Continue Reading

ත්‍රස්ත විමර් ශන ඒකකයේ කොටි සැකකරුවන් 19 න් 17 කටම කොරෝනා

වව්නියාව පොලීසියේ පිහිටුවා ඇති පොලිස් ත්‍රස්ත විමර් ශන ඒකකයේ රඳවා සිටින ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 19 දෙනාගෙන් 17 දෙනෙකුටම කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවට වව්නියාව සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි. වව්නියාව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ ත්‍රස්ත ක්‍රියාවන් සඳහා සම්බන්ධ හා අනුබල දීම යන කරුනු හේතුවෙන් රඳවාගැනීමේ අධිකරණ […]

Continue Reading

වත්මන් රජය නීති හදන්නෙ පරිසරය රකින්න නෙවෙයි වනසන්න-ඇල්ලේ ගුණවංශ හිමි

ස්වභාවික පරිසරය, ජාතික උරුමයන් ඇතුළු රටේ වටිනා සම්පත් විනාශ කරමින් එය රට සංවර්ධනය කිරීමක් ලෙසට අර්ථ දැක්වීමට පවතින රජය සහ පැවැති සෑම රජයක්ම සිදු කිරීම රටේ අවාසනාව බවට පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ සඳහන් කළහ. නිදහසින් පසු වසර හැත්තෑදෙකක් විවිධ රජයන් යටතේ දූෂිත තත්ත්වයට පත් වූ ශ‍්‍රී ලංකා මාතාව යම් තරමකට හෝ අස්වසාලීමට සමත් වූයේ […]

Continue Reading

නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට ආන්ඩුව සැරසෙයි…

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය අදානි සමාගම එක්කර ගනිමින්, එම සමාගමකට සියයට 49 කොටස් ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදයසමතයකට පත්කර ගැනීම සඳහා ආණ්ඩුවේ පාර්ශවයෙන් වරාය වෘත්තීය සමිතිවලට අලුත් යෝජනාවක් ඉදිරිපත්ව ඇත.  ඒ අනුව, නැගෙනහිර ජැටිය සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය සමාගම එක්කර නොගෙන, බටහිර ජැටිය සංවර්ධනය මුළුමනින්ම ඉන්දීය සමාගමේ ආයෝජන […]

Continue Reading