පනින රාජපක්ෂලාට ඉනිමං තබන පාස්කු කොමිසමේ සමාජ මාධ්‍ය නියාමන නිර්දේශ..

රාජපක්ෂලාගේ ආණ්ඩුව සමාජ මාධ්‍ය නියාමනයක් සඳහා කැස කවමින් සිටියේ අද ඊයේ සිට නොවේ. ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දිනක වචන පටලවා ගත්තේ ද, සමාජ මාධ්‍යයට නීති ගෙන ඒම සඳහා වන උත්සාහයක් ගැන කරුණු කියන්නට යද්දී ය. රාජපක්ෂලාගේ පැනිල්ලට ඉනිමං තබන නිර්දේශයක් ඊයේ පෙරේදා එළියට ආ පාස්කු කොමිසම් වාර්තාවෙන් ද එළි බස්සවා තිබේ. ක්‍රියාත්මක කළොත්, අවශ්‍ය […]

Continue Reading

නෙට්බෝල් නායිකාවට කොරෝනා

ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ නායිකාවට කොරෝනා වයිරසය ආසාදනයවීම හේතුවෙන් පුහුණු කටයුතුවල නිරත වෙමින් සිටි නෙට්බෝල් සංචිතය විසුරුවා හැරීමට පියවර ගනියි. හමුදා සේවයේ නිරත හිටපු නෙට්බෝල් නායිකාවගේ පීසීආර් පරීක්ෂණය රාජකාරි ස්ථානයෙන් සිදු කර ඇති අතර, එම පරීක්ෂණ වාර්තාව අනුව ක්‍රීඩිකාව කොරෝනා වයිරස ආසාදිතයකු බව නෙට්බෝල් සම්මේලනයට හමුදා අංශය මඟින් දැනුම්දී ඇත. මේ බව දැනගත් වහාම ක්‍රීඩිකාව […]

Continue Reading

සෞඛ්‍ය උපදෙස් අනුව සා/පෙළ සඳුදා ඇරඹේ

– අයදුම්කරුවෝ 622,352ක්– විභාග මධ්‍යස්ථාන 4,513ක් අධ්‍යයන පෙදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ-2020 විභාගය ලබන සඳුදා (01) ඇරඹේ. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර විභාගය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව පැවැත්වීමට සියලු විධිවිධාන යොදා ඇති අතර, විභාගයට පෙනී සිටින කිසියම් සිසුවකු ආසාදිත වුවහොත් ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපිත කර තැබීමටද විභාග […]

Continue Reading

ඉන්දීය ගොවියෝ ට්‍රැක්ටර් ලක්ෂ 30කින් පාර්ලිමේන්තුව වටලන්න සැලසුම් කරයි

ගොවි පනත් තුන වහාම අස්කර ගැනීමට කි‍්‍රයා නොකරන්නේ නම් ට‍්‍රැක්ටර් මිලියන තුනකින් පාර්ලිමේන්තුව වටලන බව ගොවි විරෝධතා නායකයකු වූ රාකේෂ් ටිකයිට් ඉන්දීය රජයට තර්ජනය කර ඇත. මෙම ගොවි පනත් තුන තාවකාලිකව අත්හිටුවා ඇතැයි රජය පැවසුවත් ගොවි සංවිධාන එය පිළිගෙන නැත. ගොවි පනත් වහාම ඉවත් කළ යුතු බව ගොවි සංවිධාන විරෝධතාකරුවෝ රජයට අනතුරු අඟවමින් දක්වා තිබේ. […]

Continue Reading

උද්ධමනය 3.3% කින් ඉහළ යයි

පෙබරවාරි  මසයේ මෙරට උද්ධමනය සියයට 3.3 දක්වා ඉහළ ගොස් තිබේ.  පසුගිය ජනවාරි මාසයේ පැවැති උද්ධමනය සියයට 3.0 ක් විය. ඒ අනුව පෙබරවාරි මස තුළ ඊට පෙර මාසයට වඩා දශම තුනකින් ඉහළ යෑමක් පෙන්නුම් කරයි.  කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත.  ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු […]

Continue Reading

භූමදානය සදහා නව මාර්ගෝපදේශ සකස් කිරීමට විද්වත් කමිටුව අද රැස්වේ

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සහ ආදාහනය කිරීම සඳහා අවශ්‍ය නව මාර්ගෝපදේශ සකස් කිරීම වෙනුවෙන් අද දිනයේදී ඊට අදාළ විද්වත් කමිටුව රැස්වීමට නියමිතයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ අදාළ නිර්දේශ ලබන සතිය මුලදී ප්‍රකාශයට පත්කරන බවයි.   කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම සඳහා ඉඩ සලසන අතිවිශේෂ ගැසට් […]

Continue Reading

රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් වරායට

වරාය තුළ සිදුවන විවිධ අක්‍රමිකතා පාලනයට රාජ්‍ය බුද්ධි සේවයේ කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ.වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසුවේ, දීර්ඝ කාලීනව සිදුව ඇති අක්‍රමිකතා හඳුනා ගැනීමට මෙන්ම සිදුවිය හැකි අක්‍රමිකතා අවම කිරීමට එමගින් හැකිවනු ඇති බවයි. අදාළ කාර්යාලය ස්ථාපිත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Continue Reading

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක්

වන හා වෘක්ෂලතා අඥා පනත යටතේ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති බවට හඳුනා ගෙන ඇති ශාක ආරක්ෂා කිරීමට ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරන බව වනජීවි අමාත්‍යාංශය පවසයි.අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, මෙහි පළමු අදියර යටතේ අදාළ වඳවීමේ තර්ජනයට ලක් වී ඇති ශාක පිහිටා ඇති ස්ථාන හඳුනා ගැනීමට පියවර ගන්නා බවයි. ශාක විශේෂ පිළිබඳව අදියර […]

Continue Reading

ක්‍රිකට් ඉවරයි: රොත්තක්ම අමෙරිකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පහළොස් දෙනකු පමණ එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම අතහැර ඇමෙරිකාවට ගොස් එරට ජාතික ක්‍රීඩා කණ්ඩායමට කිරීමට තීන්දු කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ක්‍රීඩකයන් අතරට දැනට ජාතික කණ්ඩායම නියෝජනය කරන දුෂ්මන්ත චමීර, අමිල අපොන්සු, මලින්ද පුෂ්පකුමාර, දිල්ශාන් මුණවීර, ළහිරු මධුශංක යන ක්‍රීඩකයන් මෙන්ම නැඟී එන […]

Continue Reading

‘මේ සැරේ ගල් ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙ නෑ: ඊට කලින් එලවල දානවා:’ බැසිල්ගෙන් විමල්ලාට අනතුරු ඇගවීමක් EXCLUSIVE

‘මේක අපි අමාරුවෙන් හදපු ආණ්ඩුව. හැබැයි මම එකක් කියනවා. මේ සැරේ ගල් ලෙන බිඳලා එළියට ගිහින් කවුරුහරි මේ ආණ්ඩුව විනාශ කරනවා නම් අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ සැරේ ගල් ලෙන බිඳගෙන එළියට යනකම් අපි බලන් ඉන්නෙත් නැහැ. එහෙම නම් ඊට කලින් අපි ඒ අයව එලවල දානවා…’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ […]

Continue Reading