රුපියල් මි. 22,000ට අධික ණයක් සමග ලාෆ් ගෑස් සමාගම රජයට පවරා ගැනීමට යයි

ලංකා බැංකුවට රුපියල් මිලියන 12,200ක් හා මහජන බැංකුවට රුපියල් මිලියන 10,100ක් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගණනාවකට ණය වී සිටින සීමාසහිත ලාෆ් ගෑස් සමාගම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් වෙයි. ලාෆ් ගෑස් සමාගමේ කොටස් 40%ක් රජයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් මිලදී ගත යුතු යැයි මැයි 14වන දා අගමැති මහින්ද […]

Continue Reading

යාපනය පුස්තකාලයට ගිනි තබා අදට වසර 40යි… සැමරුම් උත්සව නෑ…

යාපනයේ පැරණි පුස්තකාලයට ගිනි තබා අද (31)ට වසර 40 ක් සම්පූර්න වන නමුත් එම අවස්ථාව සිහිපත් කරමින් පහන් දැල්වීමට හෝ සම්මන්ත්‍රනයක් පැවැත්වීමට මෙවර ආරක්ෂක අංශ වලින් හා සෞඛ්‍ය නිලධාරීන්ගෙන් අවසර නොලැබුණු බව උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ ශිවඥානම් පැවසීය. මහා යුද සමයේදී පවා යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ දිනය සැමරීමට පුස්තකාලය ඉදිරිපිට පහන් දල්වා පසුව […]

Continue Reading

නිරෝධායන නීති කඩා චන්දිමාල් ජයසිංහ ෂැංගිලා හෝටලේ දැමූ සාදයේ විස්තර මෙන්න

උපන්දින සාදයට ලක්ෂ 50ක් වියදම් කරලා. පැමිණි අයට දහසින් බැඳි පියලි… සාදයට ඉහළම පෙළේ ව්‍යාපාරිකයන්, ප්‍රසිද්ධ  නළු නිළියන් රැසක් සහභාගී වෙලා… පොලිසිය පනිනකොට පිරිසක් වසං වී පැනගෙන  උදේ 10 සිට මහ රෑ වන තුරු වරින්වර පිරිස් ඇවිත්. 200කට වැඩි පිරිසක් එක්වෙලා… රටේ ක්‍රියාත්මක නීතියට අනුව ෂැංග්‍රිලාට කිසිදු පියවරක් නෑ !  රූපලාවණ්‍ය ශිල්පියකු සහ ප්‍රසිද්ධ ඉසව් […]

Continue Reading

ජූනි මස ගෑස් සිලින්ඩරය 2100 වෙයි!

ජූනි මස ඇනවුම සදහා නිකුත් කරන එල් පී ගැස් සදහා නව මිල අද ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව නව මිල ගණන් වන්නේ ටොන් එකක් සදහා ඇමරිකානු ඩොලර් 530 කි. මෙම මිල ගනන් තීරනය කරනු ලබන්නේ ‘සෞදි ඇරම්කෝ’ ආයතනය වන අතර මෙම මිල වැඩිවිම මැයි මාසයට වඩා 9% වැඩිවීමකි. මේ අනුව දේශිය වෙලෙදපොල තුල අලෙවි […]

Continue Reading

තෙල් සංස්ථාවේ බලතල අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඇමති අතට ගැනීමට සැරසේ

ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සතුව තිබූ ඛණිජ තෙල් ආනයනය, අපනයනය, විකිණීම, සැපයීම හා බෙදා හැරීම සඳහා බලපත්‍ර ලබා දීමේ බලය අමාත්‍යවරයා වෙත පවරා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ සඳහා 1961 අංක 28 දරණ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනයට අදාළ වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය උදය ගම්මන්පිල විසින් පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර […]

Continue Reading

ඉන්දියාවේ අදානිට 51%යි.. ජෝන්කීල්ස්ට 34%යි.. වරායට 15%… බටහිර ජැටියට අත්සන් තබයි…

ඉන්දියාවේ අදානි සමාගමට සියයට 51 ක්ද, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමට සියයට 34 ක්ද, ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 15 ක්ද වශයෙන් අවසාන කොටස් හිමිකම පවරාදෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය පිළිබඳ මූලික එකඟතා ලිපියට (The letter of intent) පසුගිය මැයි 03 වැනිදා අත්සන් තබා ඇත. වෙස්ට් කන්ටේනර් ඉන්ටර්නැෂනල් ටර්මිනල් (පෞද්) සමාගම නමින් ඒකාබද්ධ සමාගමක් ද […]

Continue Reading

ආණ්ඩුවේ එන්නත් දේශපාලනයට තවත් සාක්ෂියක්…

කොවිඩ් – 19 සඳහා එන්නත් ලබා දීම තව දුරටත් ආණ්ඩවේ දේශපාලනඥයන්ගේ මැදිහත්විමෙන් සිදුකෙරෙන බවට සාක්ෂි ලැබෙමින් පවතී. මෙරටුව නගරාධිපතිවරයාගේ ක්‍රියාමාර්ග අනුව යමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට නායකත්වය දෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා යටතේ මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් එන්නත් ලබාදීම සිදුකරණ බව සඳහන් කරමින් බැනර් ප්‍රදර්ශනය කර තිබේ. මේ අනුව එන්නත්කරණයේදී සෞඛ්‍ය අංශවල ප්‍රමුඛතාවලට ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් තවදුරටත් […]

Continue Reading

Sputnik-V එක මාත්‍රාවක් ඇති කෙහෙළිය තීරණය කරයි, මහනුවර මිනිස්සුන්ගෙන්ද බලෙන්ම කැමැත්ත ගනී

තමන්ට ලැබි ඇති ආරංචි අනුව රුසියාවේ Sputnik-V එන්නතේ පළමු මාත්‍රාව කොවිඩ් – 19 සඳහා ප්‍රමාණවත් යැයි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. ඊයේ (30) මහනුවර ප්‍රදේශයේ පැවති එන්නත් ලබාදිමේ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්විමිණි. “දෙවන මාත්‍රාව සම්බන්ධව මේ වනවිට සාකච්ඡා වෙමින් පවතිනවා. මේ දෙවන එක අවශ්‍යද කියන එකත් මේ වනවිට සාකච්ඡා වෙමින් යනවා. මොකද මේ පළවෙනි […]

Continue Reading

කුරුණෑගල නගරාධිපතිගේ උපන්දිනයට පොලිසියෙන් කේක්

ඊයේ (30) දිනට යෙදී තිබුන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ උපන්දිනය වෙනුවෙන් පොලිසිය විසින් උපන්දින කේක් ගෙඩියක් සුදානම් කර තිබුනා. රටේ පවතින කොරෝනා වසංගතය දුරු වේවායැයි ප්‍රර්ථනා කරමින් කුරුණෑගල මූලස්ථාන පොලිසිය මඟින් මේ දිනවල සෙත් පිරිත් දේශනාවක් පැවැත්වෙන අතර එම අවස්ථාවට සහභාගී වූ නගරාධිපතිවරයා සිය උපන්දිනය එහිදී සමරනු ලැබුවා. මෙම අවස්ථාවට කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ […]

Continue Reading

දිනක PCR 15,000ට බස්සයි! ඇන්ටිජන් සම්පූර්ණයෙන්ම නවත්වයි!!

කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සදහා කලින් දිනකට සිදු කරන ලද 25,000ක් පමණ වූ PCR පරීක්ෂණ මේ වන විට දිනකට 15,000 දක්වා අඩු කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ වන විට සමාජයේ ගැවසෙන ආසාදිතයන් සොයා සිදු කරන අහඹු PCR පරීක්ෂණ […]

Continue Reading