ආර්ථිකය ගොඩනගන්නනම් විනාඩි 05ක් විතරක් නාන්න – එස්.බී.

Political

සෑම රටක ම භාණ්ඩ මිල සහ ජීවන වියදම ඉහළ යමින් පවතින ‌මොහොතක ‌මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩවලට සහනාධාර ලබා ‌‌දෙනවාට තමා එකඟ ‌නොවන බව ‌‌පොදුජන ‌පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

අද (‌දෙසැ. 24) දින පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් ‌කළේ, සහන මිලට ජලය, විදුලිය ආදිය ලබා දීම ‌හේතුවෙන් ජනතාව ඒ්වා අරපිරිමැස්සෙන් භාවිත ‌නොකරන බව ය.

ඉන්ධන මිල ද ජනතාවට දැනෙන්නට ඉඩ දීම සිදු කළහොත් ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යාම නවත්වනු ඇතැයි ඔහු සඳහන් ‌කළේ ය.

“හැම රටක ම තෙල් මිල ඉහළ යනවා. ගෑස් මිල ඉහළ යනවා. බඩු මිල ඉහළ යනවා. ජීවන වියදම ඉහළ යනවා. මම කවමදාවත් කිසි ම දවසක, කිසිම භාණ්ඩයක විශේෂයෙන් පාරිභෝගික භාණ්ඩවලට සහනාධාර දෙනවාට එකඟ නෑ. 

අපි වතුර ලාභෙට ‌දෙනවා. අපි වතුරවලට ‌‌දෙන වියදමට වඩා ලාභෙට වතුර ‌‌දෙන්නේ ඒ් නිසා අපි ටැප් එක ඇරගෙන රැවුල කපනවා. නානකොට විනාඩි 5න් නාලා ඉවර ‌වෙන්න පුළුවන් ‌වෙනකොට විනාඩි 20ක් විතර ඔළුව අල්ලන් ඉන්නවා. එහෙම ‌නොවෙයි. වතුරවලට යන වියදම හරියට මිනිසුන්ගෙන් අය කරගන්නවා නම් මිනිසු වතුර නාස්ති කරන ඒක අඩු කරයි. අපි ඔහේ ලයිට් දාලා තියනවා. විදුලිය අපි සහනාධාර විදියට ‌දෙන්නේ. වියදම මිනිසුන්ගෙන් අපි අය කරනවා නම් මිනිසු විදුලිය ප්‍රවේශම් ‌වෙයි. ‌පෙට්‍රල් ඩීසල්වල මිල මිනිසුන්ට දැනෙන්න දුන්නේ නැත්නම් මිනිසු පුරුදු විදියට ඔහේ ගමන් යනවා. හැම රටක ම ‌තෙල් මිල ඉහළ යනවා. ගෑස් මිල ඉහළ යනවා.”

තව ද ඔහු සඳහන් කළේ, ලෝකයේ අනෙකු ත් රටවල මෙම කාලයේ වැටුප් අඩු කිරීම් සිදු කළ ද එම රටවල ජනතාව පාරට බැස විරෝධතා නොදැක් වූ බව ය.

“මේක ලෝකයේ පඩි වැඩි කරන වේලාවක් නොවේ අඩු කරන වේලාවක්” යැයි ඔහු සඳහන් කළේ ය.

එබැවින් මෙරට තුළ ද මේ මොහොතේදී ඉල්ලීම්, සටන් පාඨ, උද්ඝෝෂණවලට ඉඩ නොදිය යුතු යැයි ඔහු වැඩිදුරට ත් පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *