වැලිකඩ සිරකරු ඝාතනය,රංගජීව නිදොස් ළමහේවා පෝරකයට

Local

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් 8 දෙනෙකු ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම නියම කිරීමට ත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව නිදොස්කොට නිදහස් කිරීමට ත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේ ය.  

ඒ, ඊට අදාළ නඩුව ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය. 

ඉකුත් 2012 වසරේ නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනෙකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව පසුගිය 2019 වසරේ නඩු පවරා තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *