ආණ්ඩුව හතරකට කැඩේ

Political

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුව මේ වනවිට මූලික කණ්ඩායම් හතරකට කැඩී ඇත.

ජනාධිපති වෙනුවෙන් ඍජුව පෙනී සිටින කණ්ඩායමක් මෙන්ම අගමැති වෙනුවෙන් ඍජුව පෙනී සිටින කණ්ඩායමක්, ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම් මේ වනවිට නිෂ්ක්‍රීය වී සිටින කණ්ඩායමක් වශයෙන් බෙදී පවතී.

ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු මූලික වී ඇති අතර විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් වක්‍රාකාරයෙන් ඔහුව ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටී.


මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිිටින කණ්ඩායම මෙහෙයවීම බැසිල් රාජපක්ෂ විසින් සිදු කරන බව අනාවරණය වේ. එහෙත් එම කණ්ඩායමේ අනෙකුත් පිරිස ඍජුව ප්‍රකාශ කිරීමට ඉදිරිපත් නොවී සිටිති. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විරෝධය පළකරන මෙම පිරිස දේශපාලනයේ නිරත ප්‍රකට භික්ෂූන් වහන්සේලා යොදා ගනිමින් මහින්ද රාජපක්ෂගේ බලය ආරක්ෂා කිරීමට ක්‍රියාකාරමින් සිටිති.

ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම සහ දැනට නිශ්ක්‍රීය කණ්ඩායම අන්තර්වාර පාලනයක් වෙනුවෙන් එකඟත්වය පළ කිරීමෙන් පොදු ක්‍රියාවලියකද නිරතවී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *