ටී බනිස් ගෙඩියක් රුපියල් 100ක් වේවි!

Local

බේකරි නිශ්පාදන සඳහා වැට් බද්ද ගෙවීමට සිදුවවහොත් පාන් හැර අනෙක් සියලුම බේකරි නිශ්පාදන මිල ඉහළ යනු ඇතැයි ද ටී බනිස් ගෙඩියක් රුපියල් සියය ඉක්මවනු ඇතැයි ද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන සඳහන් කරයි.

බේකරි නිශ්පාදන සඳහා ගන්නා සියලුම අමුද්‍රව්‍ය සඳහා වැට් ගෙවා අනතුරුව නිශ්පාදනය වන බනිස් ගෙඩියට නැවත වැට් බද්දක් නියම කරෙනවා නම් එය අසාධාරණයක් බවත්, එකම භාණ්ඩයක් සඳහා දෙවරක් වැට් ගෙවීමට සැලැස්වීම යුතු නැති බවත් ඔහු පෙන්වා දෙයි.

මින් පෙර පනවා තිබූ වැට් බදු සීමාවට බේකරි හිමියන්  අසුනොවුන බව කී සභාපතිවරයා එම සීමාව පහළ යෑමත් සමග බනිස් ගෙඩියටත් වැට් බද්ද පැනවෙන බවත්,  බේකරි නිශ්පාදන මෙම බද්දෙන් නිදහස් නොවන්නේ නම් මිල ගණන් ඉහළ යෑමට හැරිම මිස වෙන විකල්පයක් නැති බවත් ඔහු කීවේය.

මේ තත්ත්වය සම්බන්ධව අද (07) අගැමැතිවරයා ලිඛිතව දැනුම්වත් කිරීමට සූදානම් බවත් ඔහු පැවසුවේය.  මේ ඇතිවී තිබෙන තත්තවය උඩ රටේ බේකරි සියයට හැත්තෑ පහක්ම අකර්මන්‍ය වී ඇති බව කීවේය.

“බේකරි සියයට විසිපහක් වැහිලා…. ඉතිරියෙන් සියයට පනහක් වැඩ කරන්නෙ මුලු ධාරිතාවෙන් අඩයි. සමස්ථ අලෙවිය සියයට පනහක් අඩු වෙලා…“ තමන් මුහුණ දී ඇති තත්ත්වය ඔහු පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *