තවත් අක්කර 65000ක් උක් වගාව සදහා විදේශිකයින්ට විකුණයි-සමන්ත විද්‍යාරත්න

Local Uncategorized

වසර 17ක් තිස්සේ ජනතා විරෝධය හමුවේ නවතාගෙන තිබෙන ඌව, වෙල්ලස්ස, බින්තැන්න ප්‍රදේශ තුනේ ඉඩම් අක්කර 65,000ක් උක් වගාව සඳහා බහුජාතික සමාගමකට ලබාදීමේ ව්‍යාපෘතියට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟතාවය ලබාදුන් බව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අනාවරණය තිබේ.

පසුගිය රනිල් + මෛත්‍රී ආණ්ඩුව සමයේ මෙම ව්‍යාපෘතියට එල්ල වූ ජනතා විරෝධයට එක්වෙමින් තමන්ගේ ආණ්ඩුවක් යටතේ මෙම ව්‍යාපෘතිය මුළුමනින්ම නතර කර දමන බව වත්මන් ඇමති තේනුක විදානගමගේ ප්‍රකාශ කළ නමුත් අද මෙම ඉඩම් අධාරාජ්‍යවාදී බහුජාතික සමාගම් වෙත පැරීමට ඔවුන් පිඹුරුපත් සකසමින් සිටින බව ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.

මෙම ව්‍යාපෘතිය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ 2006 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බවත් එකළ ඇති වූ ජනතා විරෝධය හේතුවෙන් මෙම විනාශකාරී ව්‍යාපෘතිය පස්සට ගිය බවත් නැවත 2015 රනිල් + මෛත්‍රී ආණ්ඩුවටද ජනතා විරෝධය හේතුවෙන් එම ව්‍යාපෘතිය සිදු කිරීමට නොහැකි වූ බවත් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි. වත්මන් අමාත්‍ය තේනුක විදානගම එදා දැක්වූ ප්‍රතිචාරය ඡන්දය වෙනුවෙන් සිදු කළ ව්‍යාජ රංගනයක් බවත් සමන්ත විදයාරත්න අවධාරණය කරයි.

වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මෙම විනාශකාරී ව්‍යාපෘතිය පරාජය කර පරිසරය, ජල සම්පත, වන සම්පත ආරක්ෂා කරගැනීමටත් මෙම නිජබිමේ මිනිසුන් අනාත වීමට නොදී රැකගැනීම වෙනුවෙනුත් නව පන්නයේ අරගලයකට ප්‍රවේශවීමට සිදුව ඇති බවත් ඔහු අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *