පොලිස් නිළධාරියෙක් මහව නගරයේදී පිහි ඇනුම් කයි…

Local

මහව නගරයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට පිහියෙන් ඇණිම හේතුවෙන් බරපතල තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

මේ වන විට එම පොලිස් නිලධාරියා ශල්‍යකර්මයකට භාජනය කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඊයේ රාත්‍රියේදී මහව නගරයේ මුර සංචාරයේ යෙදි සිටියදී සැකකටයුතු ලෙස නගරයේ ගැවසුණු පුද්ගලයින් සිව්දෙනෙකු පරික්ෂා කිරීමට යාමේදී මෙලෙස එම කණ්ඩායමේ සිටි එක් පුද්ගලයෙකු පොලිස් සැරයන්වරයාට පිහියෙන් ඇන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර පොලිස් නිලධාරියාට පිහියෙන් අනිණු ලැබූ සැකකරුද වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *