කොවිඩ් මෘතදේහ භූමිදානයට ඉඩදිය යුතුයි-හිටපු ජනපති

Political

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුස්ලිම් වරුන්ගේ කොවිඩ් මෘතදේහ භූමිදානය සදහා ඉඩ ලබාදිය යුතු බව පවසයි.The Hindu පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපති වරයා විසින් මේ බව පවසා තිබේ.

“අනිවාර්යෙන් ම කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කළ යුතුයි යන ගැටලුව ගමු. එම රෝගයට ගොදුරුව මියයන තම ඥාතීන් ව භූමදාන කිරීමේ අයිතිය මුස්ලිම්වරුන්ට දිය යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා භූමදානය කළ හැකියි කියලා. හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයට එකඟයි.” යනුවෙන් ඒ මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *