නෑ කිව්වොත් නෑම තමයි… කිසේත්ම ඉල්ලා අස් නොවන බව මහින්ද අදත් කියයි

තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉවත් නොවන බව අගමැතිවරයා මීට සුලු මොහොතකට පෙර ප්‍රකාශ කර ඇත. අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (26) අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට හිටපු සහ සිටින මන්ත්‍රීවරු මුණගැසුණු අවස්ථාවේ දී ය මෙහි දී  මන්ත්‍රීවරු සහ අගැමැතිවරයා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විනි. එහි මූලික තේමාව වූයේ දේශපාලන […]

Continue Reading

ගෝඨාභය කබ්රාල් නඩය මහ බැංකුව බිලි දුන් හැටි දත්ත සහිතව මෙන්න

ඉතාම කෙටි කාලයක් තුළ රට බංකොලොත් කළ ආකාරයේ එක් පැත්තක් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන දත්ත සහිතව හෙළිකර තිබේ. ඔහු හෙළිකර තිබෙන්නේ 2021 වර්ෂය අවසන්වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 1.9ක් වූ බවය. එය 2022 ජනවාරි අවසන් වනවිට ඍණ ඩොලර් බිලියන 3.2 දක්වාද […]

Continue Reading

ආණ්ඩුව හතරකට කැඩේ

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුව මේ වනවිට මූලික කණ්ඩායම් හතරකට කැඩී ඇත. ජනාධිපති වෙනුවෙන් ඍජුව පෙනී සිටින කණ්ඩායමක් මෙන්ම අගමැති වෙනුවෙන් ඍජුව පෙනී සිටින කණ්ඩායමක්, ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම් මේ වනවිට නිෂ්ක්‍රීය වී සිටින කණ්ඩායමක් වශයෙන් බෙදී පවතී. ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු මූලික වී ඇති අතර විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, […]

Continue Reading

ගුරු විදුහල්පති වර්ජනය සහ මහ බබා කෝලම…

බබා කෝලම මහ බබා කෝලම යනු සබරගමු නැටුම් සම්ප්‍රදාය තුළ හමුවන සුවිශේෂී සංස්කෘතික අංගයකි. පෙරහැර අලංකාර කිරීම සදහා යොදාගන්නා මෙය සබරගමු මහ සමන් දේවාල පෙරහැරෙහි අනිවාර්යයෙන් දැකිය හැක.විශාල වෙස් මුහුණක් පැළදි පුරුෂයෙක් පෙරහැරෙහි ගමන් කරන අතර එහි මුහුණු දෙකකි. එක් මුහුණකින් කඩවසම් රාජ කුමාරයෙක් නිරූපණය වන අතර අනික් මුහුණ නපුරු යක්ෂයෙකු හා සමාන වේ. මෙම […]

Continue Reading

බඩු මිල අඩු කරන්න බැසිල් උදව් ඉල්ලයි…

අද වන විට මෙරට තුන්වේල කන්න නැති පිරිසක් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. තමන් මුලින්ම කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම බවත් ඒ සඳහා තමන්ට උදව් කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියි. ඔහු මේ බව කියා සිටියේ ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති පළාත් පාලන ප්‍රධානින්ගේ හමුව අමතමිනි. ජනතාවට සහන ලබාදීම […]

Continue Reading

කළුබෝවිල රෝහලේ කොවිඩ් රෝගීන් උපරිම ධාරිතාවට,ඔක්සිජන් හිගයක්…

නැගෙනහිර කොළඹ කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත. රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් […]

Continue Reading

මහා මඟ මරා දැමුවත් වංචනිකයන් දුෂිතයන් අපරාධකරුවන් හෙළිදරව් කිරීම නවත්වන්නේ නෑ-AKD

“ත්‍රස්ත විමර්ශන ඒකකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  මාව  ගෙන ආ යුතුයි කියල පොලිස් අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ දී ත්, ප්‍රකාශ  කර තිබෙනවා.මේ ප්‍රහාරය පිළිබද ව මාව  කිසිම ආයතනයකට  කැදවා නැහැ.මම කියන්නේ මාව කැදවන්න; ඔව් අපි බලමු.”අනුර කුමාර දිසානායක පර්ලිමෙන්තුවේ දී කියා සිටියා.චෞර වළල්ලක් රට තුළ සිටින බව ඔහු මෙහි දී සදහන් කළා.“එයට එරෙහිව සටන් කරනවා.මට බලය […]

Continue Reading

නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන ලංකා ඉතිහාසයේ පළමු උගත් ජනාධිපති

1978 දී ලංකාවේ පත්වන පළමු ජනාහිපති ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දක්වා ඉතිහාසයේ පත්වූ කිසිඳු ජනාධිපතිවරයෙක් රටක් පාලනය කිරීමට තරම් උගත් කමකින් යුක්ත මිනිසුන් නොවේ. අවම තරමෙන් ඔවුන් කිසිවෙක් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන්නට තරම් දක්ෂයෙක් නොවිය. මේ හේතුව නිසාම හිස් මිනිසුන් ලෙස ඔවුන් මෙරට විනාශයට ගෙනයාම සඳහා තම පෞද්ගලික වාසි අරමුණු […]

Continue Reading

දුරාචාරය ඉල්ලා හඩ නගන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමස්ත කාන්තා ප්‍රජාවටම නින්දාවක්-ඕමල්පේ සෝභිත හිමි

දුරාචාරය වර්ධනය කරවන්න කියල මේ රටේ පාර්ලිමේන්තුවේ හඩ නගන මේ කාන්තාව සමස්ත කාන්තා වර්ගයාටම නින්දාවක්. සමස්ත කාන්තා සමාජයේම ගෞරවණිය බව කෙළසන්නියක්. සදාචාර ගරුක කාන්තාවන් මේ හඩට ප්‍රතිචාර දැක්විය යුතුයි’   යයි දක්ෂිණ ලංකවේ ප්‍රධාන සංඝණායක ආචාර්යය ඕමල්පේ සෝභිත හිමියන් පවසති. උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹීලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ මාධ්‍යන් වෙත අදහස් දක්වමිනි. උන් […]

Continue Reading

හරීන් අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් හිර කරන්න ආණ්ඩුව සැලසුම් කරනවා-හර්ෂ ද සිල්වා

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සිදුකරන ලද ප්‍රකාශයක් මත ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ද ත්‍රස්ත විරෝධී පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන වසර එකහමාරක් දක්වා රැඳවුම් නියෝග ලබා ගත හැකි බවත් ආණ්ඩුව සූදානම් වන්නේ ඒ සදහා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි. එසේ ලබාගන්නා රැඳවුම් නියෝගයක් […]

Continue Reading