පාර්ලිමේන්තුවේ 225ටම නැවතත් වාහන බලපත‍්‍ර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ වාහන බලපත්‍ර නැවත ලබාදීමට රජය සූදානමක ඇති බව වාර්තා වෙයි. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමග මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙන නිදහස් වාහන බලපත්‍රය අත්හිටුවන ලද්දේ කොරෝනා අර්බුදය පැවතීම සහ මෙරටට බලපා ඇති විදේශ විනිමය අර්බුදයේ හේතුවෙනි.

Continue Reading

එස්.බී. කැබිනට් ගත්තාට ලොහාන් කෝපවේ

සිදුවුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කණස්සල්ලට පත්ව සිටින්නේ යැයි වාර්තා වෙයි. ඒ හේතුවෙන් ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට ඔහු සූදානමින් සිටින බවද දැනගන්නට ඇත. මහනුවර දිස්ත්‍රික්කයෙන් දිලුම් අමුණුගම මහතා ට කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවූ අතර එස්.බී. දිසානායක මහතාද කර්මාන්ත ඇමතිවරයා ලෙස කැබිනට් මණ්ඩලයට එක් විය. […]

Continue Reading

බැසිල් හා කබ්රාල් මත ගැටුමක

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බරපතළ බෙදීමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ විශේෂ කැබිනට් හමුවේ දී ඉන්ධන මිල සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර මෙම මත බෙදීම සිදුව ඇතැයි වාර්තා වේ. මහ බැංකු […]

Continue Reading

අගමැතිගේ ගිණුමේ මුදල් එයාගෙ යාළුවන්ට වියදම් කලා

තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමෙන් මුදල් ලබා ගත්තේ විගණනය කරද්දිත් ගැටලුවක් වේ යැයි සිතු නිසා බව ඒ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා ලෙස රාජකාරි කළ උදිත් ලොකු බණ්ඩාර මහතා සඳහන් කර ඇත. ඔහු ඒ බව සඳහන් කර ගත්තේ ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමෙන් විශාල මුදල් ඉවත් කරගෙන ඇති බවට හෙළි වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක […]

Continue Reading

සෞඛ්‍ය හේතුන් මත මහින්ද උත්සව සදහා සහභාගීවීම නවතා දමයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කෙටි කාලයක් සඳහා සියලුම උත්සව වලින් ඉවත් වීමට සිදුවී තිබේ. ඒ මහතාට ලබා දී ඇති වෛද්‍ය උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ උත්සව රැසක් ඊයේ සහ අද දිනයේ පැවැත්වුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙනි. අග්‍රාමාත්‍යවරයා විසින් අත්සන් කිරීමට දින යොදා තිබූ මංගල උත්සවයකට […]

Continue Reading

සාරිය ගැලෙව්වම ලස්සනයි කියා මෝඩ යකා ලිංගික අල්ලස් ඉල්ලූ බවට චෝදනාවක්

අග්‍රාමාත්‍යවරයාගේ වැටුප සොරකම් කිරීමට චෝදනා එල්ල වී සිටින මෝඩ යකා නමින් හැඳින්වෙනවා පුද්ගලයා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි බව ලක්මවට හෙටක් සංවිධානයේ සභාපතිනි මධුෂා රාමසිංහ සඳහන් කරයි. පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබාදීමට නම් එසේ ලිංගික අල්ලස් ලබා දෙන ලෙස අදාළ මෝඩ යකා සහ මෑතක දී ආන්දෝලනාත්මක ලෙස සභාපති ධුරයකට පත් වූවෙක් ඉල්ලා සිටි බවද […]

Continue Reading

උදිත් ලොකුබණ්ඩාර මහින්දගෙන් ගත්තු මුදල් වලින් මිලියන 2ක් රිටර්න් කරලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා වූ උදිත් ලොකුබණ්ඩාර විසින් අග්‍රාමාත්‍යවරයාගේ බැංකු ගිණුමකින් මුදල් සොරකම් කිරීමේ කතාව මේ වනවිට මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක්ව තිබේ. අපේ ආරංචිමාර්ග සඳහන් කළ ආකාරයට වැඩි විස්තර සහ නවතම තත්වය මෙසේය. සිද්ධියට අදාළ බැංකු ගිණුම මහින්ද රාජපක්ෂ මහතා විසින් 1989 වසරේදී ලංකා බැංකුවේ පාර්ලිමේන්තු ශාඛාවේ විවෘත කරන ලද්දකි. ඒ […]

Continue Reading

පැය දෙපැයේ ලිට්‍රෝ සභාපති රේණුක මිල්කෝ සභාපති කරයි

මිල්කො ආයතනයේ සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පත්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් අදාළ ලිපිය නිකුත් කර ඇති අතර රේණුක පෙරේරා අදාළ සභාපති ධූරය භාරගැනීම සඳහා මෙතෙක් තීන්දුවක් ගෙන නැත. කෙසේ වුව ද පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය […]

Continue Reading

සුසිල් හා බැසිල්වාදීන් ශැන්ග්‍රිලා හී රහස් සාකච්ඡාවක්

සුසිල් ප්‍රේමජයන්ත්ව රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්කලේ පසුගිය 04 වෙනිදාය. මේ ඉවත් කිරීමත් සමගම ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරු හා මන්ත්‍රීවරු දැඩි කලබලයකට පත්ව සිටී. ඉන් සමහරක් ආණ්ඩුව රැක ගැනීම සදහා මේ මොහොතේ කුමක් හෝ කලයුතු බව සකච්ඡා කරමින් පසුවේ. මේද එවැනිම එක් සාකච්ඡාවක් යැයි කීමට නොහැක්කේ මේ සාකච්ඡාවට ඉවත්කල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජන්ත්ද සහභාගීව සිටි බැවිණි. සාකච්ඡාව කොළඹ […]

Continue Reading

ශ්‍රිලනිප ඇමතිවරුන් එළවා කැබිනට් සංශෝධනය හදන්න තීරණයක්, කසාදේ ඉවර වෙන ලකුණු

ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විවේචනය කරමින් කටයුතු කිරීම හේතුවෙන් එළඹෙන කැබිනට් සංශෝධනයේදී ශ්‍රිලනිප ඇමතිවරුන් ඉවත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයින් සාකච්ඡා කර ඇති බවට තොරතුරු අනාවරණය වේ. මෙම කැබිනට් සංශෝධනය එළඹෙන 10 වනදා සිදුවෙතැයි ආරංචි පැතිර ඇති අතර කැබිනට් මණ්ඩල සංශෝධනයේදී දැනට ආණ්ඩුව සමග හවුල්කාර ශ්‍රීලනිපට අයත් ඇමතිවරුන් සියල්ල නෙරපනු ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. ගෝටාබය […]

Continue Reading