ටී බනිස් ගෙඩියක් රුපියල් 100ක් වේවි!

බේකරි නිශ්පාදන සඳහා වැට් බද්ද ගෙවීමට සිදුවවහොත් පාන් හැර අනෙක් සියලුම බේකරි නිශ්පාදන මිල ඉහළ යනු ඇතැයි ද ටී බනිස් ගෙඩියක් රුපියල් සියය ඉක්මවනු ඇතැයි ද සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන සඳහන් කරයි. බේකරි නිශ්පාදන සඳහා ගන්නා සියලුම අමුද්‍රව්‍ය සඳහා වැට් ගෙවා අනතුරුව නිශ්පාදනය වන බනිස් ගෙඩියට නැවත වැට් බද්දක් නියම […]

Continue Reading

ඇමරිකානු ඩොලර් මිලියන 65ක් දුන් නඩුවෙන් කබ්රාල්ට ඇප!

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතිසි මත අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (07) නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව නව පැමිණිල්ලක් ගොනු කිරීමට ද අධිකරණය පැමිණිල්ලට […]

Continue Reading

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

විදුලි බිල වැඩි කිරීම පිළිබඳ යෝජනාව අද (06) කැබිනට් මණ්ඩලයට යොමුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. විදුලි බල මණ්ඩලය ලබන අසීමිත පාඩුව අඩුකර ගැනීම සඳහා මෙලෙස විදුලි ඉහළ දැමීමේ යෝජනා සකස් කර ඇති බව එහි සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි. මේ වනවිට විදුලි බල මණ්ඩලයේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 276කි. එහි දළ වියදම […]

Continue Reading

ගෝඨාභය කබ්රාල් නඩය මහ බැංකුව බිලි දුන් හැටි දත්ත සහිතව මෙන්න

ඉතාම කෙටි කාලයක් තුළ රට බංකොලොත් කළ ආකාරයේ එක් පැත්තක් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන දත්ත සහිතව හෙළිකර තිබේ. ඔහු හෙළිකර තිබෙන්නේ 2021 වර්ෂය අවසන්වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 1.9ක් වූ බවය. එය 2022 ජනවාරි අවසන් වනවිට ඍණ ඩොලර් බිලියන 3.2 දක්වාද […]

Continue Reading

ඩොලර්වලින් බදු ගෙව්වොත් වාහන ගෙන්වන්න අවසර

ඩොලර්වලින්  තීරු බදු ගෙවා  වාහන  ගෙන්වීමට  අවසර  ලබාදෙන්නැයි  ශ්‍රී ලංකා මහ බැංකුව  රජයට  නිර්දේශ කර ඇත. ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි  ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එසේම  විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා  ගැනීමටද  […]

Continue Reading

බස් ගාස්තු 30%කින් ඉහලට?

ඉන්ධන මිල ඉහල යාම නිසා බස් ගාස්තු 30%කින් ඉහල දැමිය යුතු බව බස් සංගම් සඳහන් කරයි. බස් ගාස්තු 30%කින් ඉහල දැමිය යුතු බවසන බස් සංගම් අවම ගාස්තුව රුපියල් 30 ක් දක්වා ඉහල දැමිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගළික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය. එසේ බස් ගාස්තු සශෝධනයක් කිරීමට රජය මැදිහත් නොවන්නේ […]

Continue Reading

ඩොලරය උඩ යන ගානට බෙහෙත් මිල වැඩි කරගන්න රජයෙන් අවසර

ඩොලරයේ උච්චාවඡනය අනුව ඖෂධ ආනයනකරුවන්ට සාධාරණ මිලකට ඖෂධ මිල ඉහළ නැංවීමට රජය අවසර ලබා දී තිබේ. ඒ අනුව බාධාවකින් තොරව ඖෂධ බෙදාහරින ලෙස ඔවුන්ට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ‍විදේශ විනිමය අනුපාත ඉහළ යාම හේතුවෙන් ඖෂධ රාජ්‍ය අමාත්‍යාංශය ආනයනකරුවන්ට සාධාරණ මිල ඉහළ නැංවීමට ඉඩ ලබා දී ඇති බැවින් දිවයින පුරා […]

Continue Reading

ශෂී වීරවංශට එරෙහි පාස්පෝට් නඩුවේ තීන්දුව අද

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ යන අයට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව අද (11දා) දින ලබාදීමට නියමිතය. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන […]

Continue Reading

සුපිරි වෙළඳසැල් ආහාර ද්‍රව්‍ය මිල වසරක් තුළ 36%කින් ඉහළට

තෝරාගත් ආහාර ද්‍රව්‍ය කුඩයක සිල්ලර මිලෙහි මාසික වෙනස්වීම් නිරීක්‍ෂණය කරන ඇඩ්වොකාටා බත් කර මිල දර්ශකය (BCI) 2022 ජනවාරි සිට 2022 පෙබරවාරි දක්වා 1.5%ක පහළ යමක් වාර්තා කර තිබේ. සමස්ත අඩුවීමට බෝංචි (4O%), අමු මිරිස් (15) සහ බටු (13%) මිල පහත වැටීම හේතු වී තිබේ. කෙසේ වෙතත්, සාමාන්‍ය මිල වැඩි වෙමින් පවතින අතර, වසරින් වසර මිල ගණන් […]

Continue Reading

ගල් අඟුරු නැව් 8 නාවොත් විදුලි කැපිල්ල දිගටම

එළැඹෙන වාරකන් සමයට පෙර විදුලිය නිෂ්පාදනයට අවශ්‍ය ගල් අඟුරු නෞකා අටක් නිදහස් කොට රට තුළට ගැනීමට රජය අපොහොසත් වුවහොත්, පවතින විදුලි අර්බුදය උග්‍ර වී ඔක්තෝබර් මස දක්වා අඛණ්ඩව විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලිබල විශේෂඥයෝ අනතුරු හඟවති.  ඉදිරි කාලසීමාව සඳහා විදුලිබල නිෂ්පාදනයට අවශ්‍ය ගල්අඟුරු මෙටි්‍රක්ටොන් හාර ලක්ෂ අසූදහසක් මෙලෙස වාරකන් කාලය එළැඹීමට පෙර රට තුළට […]

Continue Reading