මම එදා කිව්ව දේ ආණ්ඩුව කළා නම් මෙච්චර කොවිඩ් මරණ නෑ

තමන් එදා කී දේ ආණ්ඩුව හරියට ඉටු කළා නම් කොරෝනා ආසාදිතයින් පවා මෙතරම් මිය යන්නේ නැති බවත්, මොවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ඉඩ තිබුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කොරෝනා උවදුරද ඉන් පසුවද එන්නට නියමිත අවදානම් උවදුරු පිළිබද සියල්ලට පෙරාතුව රටට කීවේ තමන් ඇතුළු සමගි ජන බලවේගය බව හෙතෙම සඳහන් කළේය. නමුත් ආණ්ඩුව කළේ […]

Continue Reading

ජනාධිපතිගේත් ආණ්ඩුවේත් ධුර කාල දීර්ඝ කරගැනීමට අවශ්‍යතාවයක් නෑ

මැතිවරණ නොපවත්වා ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ ධුර කාල දීර්ඝ කරගැනීමට කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩු පක්ෂයට නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ”නෑ, එහෙම කිසිම කාරණයක් නෑ. අපි වෙලාවට මැතිවරණ තියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් දේශපාලන ඉතිහාසය තුළ අපට මැතිවරණ කල්දැමීමේ හෝ දීර්ඝ කිරීමේ බලාපොරොත්තුවක් නෑ. අපි ආණ්ඩුවක් විදියට මීළඟ අවුරුදු […]

Continue Reading

මං ජනාධිපති වුණාම උපදෙස් ගන්න තරුණ උපදේශක සභාවකින්

සමගි ජන බලවේගයේ දේශපාලනය පවුලක්, පරපුරක්, ඥාතීන් පිරිසක්, ගජ මිතුරන් පිරිසක් රකින දේශපාලනයක් හෝ නොවන බවත් එය මේ රටේ සමස්ත ජනතාව රකින දේශපාලන ව්‍යාපාරයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ලක්ෂ 18 කට ආසන්න වී ගොවියාත්, වැවිලි ගොවියාත් ආණ්ඩුව අන්තනෝමතික ලෙස අගාධයකට ඇද දැමූ බව පැවසූ ප්‍රේමදාස මහතා පොහොර, ගෑස්, සීනී, සහල් යනාදිය පමණක් […]

Continue Reading

මම ජනපති වුනොත් මිලිටරිකරණය නිමා කරනවා

තමන් ශ්‍රී ලංකාවේ ජනපති පදවියට පත්වුවහොත් ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ දියත්ව තිබෙන මිලිටරිකරණය සහ “බැරැක්කකරණය” වහාම නිමා කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (PCR ) පවසයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ යුද ගැටුමක් නොපවතින බැවින් කිසිදු ලෙසකින් ශ්‍රී ලංකාවට තුන් ලක්ෂයක යුද හමුදාවක් අවශ්‍ය නොවන බව ද හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි. 43 වෙනි […]

Continue Reading

ලුණු සංස්ථාවෙන් ඉවත්කළ සභාපති චිත්‍රපට සංස්ථාවට !

නීතිඥ නිශාන්ත සඳබරන ලංකා ලුණු සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්කර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරයට පත්කිරීමට අගමැතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ. අමාත්‍ය චමල් රාජපක්ෂගේ සහ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ බලපෑම් මත මෙම තීරණය ගෙන තිබේ. චිත්‍රපට සංස්ථාවේ සභාපතිධූරය භාරගන්නා ලෙස අගමැතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නීතිඥ නිශාන්ත සඳබරන මේ දක්වා කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත. ලුණු සංස්ථාවේ සභාපති ධුරයෙන් […]

Continue Reading

එස්.එම්.ගේ “ගේම” කැබිනට් ඇමතිවරු පිරිසකගේ විරෝධය මැද ලත් තැනම ලොප් වෙයි!

දැනට රජය සතු කඩුවෙල ආසන්නයේ පිහිටි අක්කර 185ක් පමණ විශාල පැරණි වානේ සංස්ථා ඉඩම කිසිදු මුදල් අය කිරීමකින් තොරව (නිදහස් දීමනා පත්‍රයකින්) ප්‍රකට ව්‍යාපාරිකයකුට පැවරීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඇමැතිවරැ ගණනාවක් දැඩි විරෝධය පළ කළහ. එම නිසා අවසන් මොහොතේ එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය චන්ද්‍රසේන විසින් ඉවත් […]

Continue Reading

ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක්වත් නෑ

ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ. මහනුවර සංචාරයක නිරතවෙමින් සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පීරිස් මහතා සඳහන් කළේ ධුර කාලය දීර්ඝ කිරීම පිළිබඳව නොව, ඉතිරි වී තිබෙන වසර 03 ක කාලය තුළදී […]

Continue Reading

මහින්දානන්දගේ අභියෝගය හරින් භාර ගනියි

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සැ`ගවුණු තොරතුරු ගැන පාර්ලිමේන්තුවෙන් පිටත ප‍්‍රසිද්ධ වේදිකාවකදී විවාද කිරීමට එන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කළ අභියෝගය විපක්‍ෂ මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් භාරගනු ලැබීය. ඒ අනුව තම පාර්ශ්වයයන් රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතාද කැටුව ප‍්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනකට පැමණෙන බවට අලූත්ගමගේ මහතා හරින් ප‍්‍රනාන්දු මහතාට අභියෝග කළ අතර එහිදී […]

Continue Reading

ඔබතුමාලා රට කෑවා පුළුවන් නම් ගොවීන් හමුවන්න

ඔබතුමාලා රට කෑවා. පුළුවන් නම් ඡන්දේ දීපු ජනතාව ඉදිරියට යන්න. ජනාධිපතිතුමාට කියන්න ගොවීන් හමුවන්න කියලා. දෙමළ වගේම සිංහල ජනතාවත් පාරට වැටිලා යැයි දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) කෑ ගසා සිංහල භාෂාවෙන් කීය. දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් සාමාන්‍යයෙන් එසේ සිංහල භාෂාවෙන් කෑ ගසමින් කතා කිරීම ඉතා අඩුවෙන් දක්නට ලැබෙන […]

Continue Reading

ජනපතිට දෙකක් දෙන්න ඩයනාගෙන් යෝජනාවක්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාට අහිමි වූ වසර දෙකක කාලය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය යොදා ගෙන ලබා දීමට යෝජනාවක් ගෙන ආ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවා ය. එමෙන් ම, පාර්ලිමේන්තුවේ කාලය ද වසර දෙකකින්  දීර්ඝ කිරීමට යෝජනාවක් ගෙන ආ යුතු බව ද ඇය සඳහන් කළා ය. ඩයනා ගමගේ මහත්මිය […]

Continue Reading