ලංකාවට එන තෙල් නැව් පෝලිම ගැන ලොකුගේ කියයි

ලබන සෙනසුරාදා වන විට පෝලිම් නොමැතිව පිරවුම්හල්වලින් තෙල් ලබා ගැනීමට ජනතාවට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි. ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්ධන නැව් සම්බන්ධයෙන්ද හෙතෙම මේ කරුණු දැක්වීය. “මේ මොහොත වන විට අපි ගාව තෙල් ටොන් 20,000 ක් අපේ ගබඩාවල්වල තියෙනවා. තවත් තෙල් ටොන් 32000ක නැවක් අද බාන්න […]

Continue Reading

පෞද්ගලික දත්ත ආරක්ෂක පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

පෞද්ගලික දත්ත ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම  පනත ඉදිරිපත් කරන අවස්ථාවේදීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පනතට විරෝධය දක්වන බවත් එය සටහන් කර ගන්නා ලෙසත් සඳහන් කළේය. එයට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා පැවැසුවේ මුල් පිටුවවත් කියවන්නේ නැතිව පනතට විරුද්ධත්වය  ප්‍රකාශ කළ බවයි. එසේම පනතට එරෙහිව අධිකරණයට […]

Continue Reading

ජයශංකර්ගේ කෝල් එක නිසා තමයි බැසිල් ඩොලරය පා කලේ

විපක්ෂය මෙන්ම ස්වාධීන ආර්ථික විශේෂඥයින් පසුගිය කාලයේදී දිගින් දිගටම කියා සිටියත් මහ බැංකුව විසින් රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම නිසා රටට ඩොලර් බිලියන 04 ක පමණ දැවැන්ත පාඩුවක් වූ බවත් හිටි හැටියේම නින්දෙන් ඇහැරුණාක් මෙන් රුපියල 230 ක් දක්වා මහ බැංකුව අවප්‍රමාණය කළේ ඉන්දියාවේ බලපෑම නිසා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද […]

Continue Reading

රන්ජන්ව ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එයි

සිර දඬුවම් නියම වී බන්ධනාගාරගත ව සිටින රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. ඒ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන නඩුවට අදාළවයි. 2018 වසරේදී එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක රූපවාහිනී වැඩසටහනක දී සිදු […]

Continue Reading

ආර්ථිකය මෙහෙමත් තියෙන්නේ බැසිල් නිසයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ තරමට හෝ ආරක්ෂා වී ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවැසීය. ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පාර්ලිමේන්තුවේ පැවැති හමුවකින් අනතුරුව ඔහු මේ බව පැවැසීය. “මොන අමාත්‍යවරයා ඉවත් කළත් මොන තීන්දුව ගත්තත් රාජපක්ෂවරුන්ගේ ශක්තිමත් පුද්ගලයෙක් ලෙස එතුමා ගන්න ඕනෑම තීන්දුවකට […]

Continue Reading

විමල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතල අනුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි  විමල් වීරවංශ මහතා මෙම ක්‍රියාවට අදාළ විශේෂ ප්‍රකාශයක් අද (09දා) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී සිදුකිරීමට නියමිතය. එම ප්‍රකාශය කිරීමට අද අවස්ථාව ලබාදෙන ලෙස වීරවංශ මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

Continue Reading

මාසෙකින් කරනවා කියූ පැන්ඩෝරා විමර්ශනය කෝ !

ඉමහත් ආන්‍ෙදා්ලනයට  තුඩු දුන් පැන්ඩෝරා පත්‍රිකාව මඟින් අනාවරණය වූ ශ්‍රී  ලාංකිකයන් සම්බන්ධ විමර්ශන මසකින් ලබාදෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළත් මේ වන විට මාස හතරක් ගත වී ඇති බැවින් එහි ප්‍රගතිය කුමක්ද යන්න ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ (8දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.  එහිදී ඔහු ප්‍රශ්න කර සිටියේ පැන්ඩෝරා පත්‍රිකාවලින් සිදුකරන […]

Continue Reading

දේශපාලන පළිගැනීම් කොමිසම ගැන ජිනීවාහිදී රජයට උත්තර දෙන්න වේවි

දේශපාලන පළිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම ගැන  ජිනීවාහි කෙරෙන  ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් රජයට පිළිතුරු දීමට සිදුවනු ඇතැයි හිටපු අගමැති  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ   පාර්ලිමේන්තුවේදී  අවධාරණය කළේය. “මටත් මේ සභාවේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුටත් විශේෂ  ජනාධිපති කොමිසමට සහභාගි වන ලෙස දැනුම් දී තිබෙනවා. පාර්ලිමේන්තු දිනය වන හෙයින් ඊට සහභාගි වීමට අපහසු බව මම නීතිඥවරයා […]

Continue Reading

මා දෙවැනි වන්නේ මහා පරාක‍්‍රමබාහු රජුට පමණයි

මෙරට ඕනෑ ම අමාත්‍යංශයක් දැරීමට තමනට සුදුසුකම් ඇතැයි කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. තමන් මීට පෙර සමෘද්ධි අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ දෙකක් නිර්මාණය කළ බවත් හෙතෙම පැවසීය. තමන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහා පරාක්‍රමබාහු රජුට පසු රටේ වී අතිරික්තයක් ඇති වන තැනට ගොවිතැන නඟා සිටවූ බවද ඔහු කියා සිටී. කර්මාන්ත අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් […]

Continue Reading

විමල්ට එරෙහි නඩුවකට දින නියම කෙරෙයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක විභාගය මැයි මස 30 දා කැඳවන ලෙසත් එදින සාක්ෂිකරුවන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ ඉදිරියේ අද (7) එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී තිබිණි. නඩුවට නිමිත්ත වර්ෂ 2016  සිට ඇදී එන […]

Continue Reading