ඩොලර් දෙකේ කොවැක්ස් එන්නත පැත්තක දමා රජය වැඩි මිලට චීනයෙන්, රුසියාවෙන් එන්නත් ගන්න හදනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ කොවැක්ස් ආයතනයෙන් ඇමරිකානු ඩොලර් දෙකකට කොවිඩ්-19 වයිරසයට එරෙහි එන්නත ශ්‍රී ලංකාවට මිලදී ගැනීමේ හැකියාව පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. එසේ තිබියදී ඉහළ මිලකට රුසියාවෙන් හෝ චීනයෙන් එන්නත මිලදී ගැනීමේ උත්සාහයක රජය නිරතවන බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධව ක්‍රියාත්මක වන කොවැක්ස් සංවිධානය […]

Continue Reading

දෙමළ සන්ධානයෙන් ගිලිහුනු යාපනය බලකොටුව…

පළමු හා දෙවන අයවැය කියවීම් පරාජය වීම හේතුවෙන් යාපනය මහ නගරසභාව සදහා නව නගරාධිපති වරයෙකු පත්කර ගැනීමේ ඡන්ද විමසීම ඉකුත්දා පැවති අතර ඒ අනුව නව නගරාධිපති ලෙස දෙමළ ජාතික මහජන පෙරමුණ  නියෝජනය කළ නීතිඥ විශ්වලිංගම් මනිවන්නන් මහතා වැඩි ඡන්දයෙන් තේරී පත්විය. දෙමළ ජාතික සන්ධානයට බලය හිමි යාපනය මහ නගර සභාවේ 2021 වර්ෂයට අදාළ අයවැය කියවීම […]

Continue Reading

සියඹලාපිටියට සුපිරි නිවසක්

පාර්ලිමේන්තුව නියෝජ්‍ය කථානායකවරයාට බම්බලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයකින් අලුත් නිල නිවසක් ලබාදී ඇත. බම්බලපිටිය ලොරිස් නිවාස යෝජනා ක්‍රමයේ නිවසක් මෙසේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටියට ලබාදී ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය. නියෝජ්‍ය කථානායකවරයකුට නිල නිවසක් ලබාදුන් ප්‍රථම අවස්ථාව මෙය බවද එම ප්‍රකාශකයා පැවසුවේය. මින් පෙර නියෝජ්‍ය කථානායකවරුන්ටද ලබාදී තිබුණේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි නිවසකි. නියෝජ්‍ය කථානායක […]

Continue Reading

WhatsApp භාවිත කරන මිලියන ගණනක්​ හෙට සිට දොට්ට

ජනවාරි මස 1 වැනිදා සිට හඳුන්වාදෙන නවතම යාවත්කාලීන කිරීමක් (update) හේතුවෙන් ශ්‍රී ලංකාවේද ඇතුළුව ලොව පුරා පැරණි ජංගම දුරකථන භාවිත කරන පාරිභෝගිකයන් මිලියන ගණනකට ‘වට්ස් ඇප් (Whats app) යෙදුම තවදුරටත් භාවත කිරීමේ හැකියාව අහිමිව යනු ඇත. ඊට හේතුව පැරණි මාදිලියේ ඇන්​ඩ්‍රොයිඩ් සහ අයිෆෝන් මාදිලි එම නව යාවත්කාලීන කිරීමට (update) ප්‍රතිචාර නොදක්වන බැවිනි. මෙම අර්බුදය හේතුවෙන් […]

Continue Reading

ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්…

ඕමානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙන්ම, මිනිස් ජාවාරම වැළැක්වීම ඇතුළුව කරුණු කිහිපයක සම්බන්ධයෙන් කම්කරු සබඳතා හා පුහුණු පිළිබඳව ඕමානය හා ශ්‍රී ලංකාව අතර එළඹ ඇති ගිවිසුම අනුව සාකචිඡා කිරිමේ 04 වැනි ඒකාබද්ධ තාක්ෂණික කමිටු රැස්වීම අන්තර්ජාලය ඔස්සේ ඉකුත් දා පැවැත්විණ. ඕමාන් සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතාගේ මෙහෙයවීමෙන් පැවැති මෙම රැස්වීමට තානාපති […]

Continue Reading

යුක්රේන සංචාරකයන් 06කට කොරෝනා

කොරෝනා ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ හය දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ශ්‍රී ලංකාවට මත්තල ගුවන්තොටුපල හරහා පැමිණි යුක්රේන ජාතික සංචාරක කණ්ඩායෙම් හය දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත. කෙසේ නමුත් සෞඛ්‍ය අංශ කියා සිටින්නේ මෙම පිරිසගේ වෛරසය පැතිරීමේ ඉඩක් නොමැති බවයි. ඔවුන් මහජනතාව සමග මුසු නොවන ලෙස ‘ට‍්‍රැවල් බබ්ල්’ ක‍්‍රමවේදය […]

Continue Reading

පොහොට්ටුවෙන් අපට මාර ගැහිල්ලක් ගහන්නේ – අමරවීර

රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ සිටිනා කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිගින් දිගටම තඩිබාන බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. එම පිරිස විසින් ප්‍රාදේශීය සංවිධායකවරුන්ට ද හිරිහැර කරන්නේ යැයි ඇමැතිවරයා චෝදනා කළේය. මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ද කරුණු ඉදිරිපත් කළ බවද පැවසූ ඇමැතිවරයා පොදුජන පෙරමුණේ ඉහල නායකයන් කිසිවිටෙක ශ්‍රී ලංකා […]

Continue Reading

ඇමැති විමල් හා ජයන්ත ගැන CID පරීක්ෂණයක්

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කළ විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන ඇමැතිවරුන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (30 වැනිදා) නියෝග කළේය. ඇමැති විමල් වීරවංශ සහ රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, මහර බන්ධනාගාර සිද්ධිය කුමන්ත්‍රණයක් බවට සඳහන් කරමින් විවිධ ප්‍රකාශ නිකුත් කර තිබෙන බවත්, එහි සත්‍යතාව […]

Continue Reading

RMVයේ ඉතුරු‌වන්නේ නෝනා කෙනෙක් විතරයි

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තාක්ෂණ අංශයේ සහකාර කොමසාරිස්වරියක හැර එම දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ඇතුළු සියලුම නිලධාරීන් ස්ථාන මාරුකර යැවෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවැසීය. මෙම නිලධාරිනිය මීට මාස කිහිපයකට පෙර දෙපාර්තමේන්තුවේ රාජකාරි සඳහා පත්ව ඇති බවත්, ඇය මෙම ආයතනයේ දූෂණ වංචා ජාලයට සම්බන්ධ යැයි තොරතුරු අනාවරණය වී නැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. දූෂණ […]

Continue Reading

කොවිඩ් නිසා පොසිටිව් වන ලිංගික ක්‍රියාවලිය…

කොවිඩ් වසංගතය හේතුවෙන් හුදකලාවූ ප්‍රදේශ තුළ ලිංගික ක්‍රියාවලියේ වර්ධනයක් සිදු වී ඇති බව ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය පවසයි. එම සංගමය පවසන්නේ දැනට වෙළඳ පොළේ ඇති පවුල් සැලසුම් නිෂ්පදනයන්ගේ අලෙවියේ වර්ධනයක් මෙම කාලය තුළදී  පෙන්නුම් කිරීම නිසා ලිංගික ක්‍රියාවලියට බොහෝ පිරිසක් නැඹුරු වී ඇති බවට අනුමාන කරන බවයි. පසුගිය මාර්තු සිට දෙසැම්බර් දක්වා වූ කාලය […]

Continue Reading